කෝටි ගණන් වංචා කළ අය විරෝධතා හමුවේ නිහඬයි – ජනපති

Spread the love

වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස අද පැනනැගී ඇති ජනතා විරෝධතා හමුවේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ද වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදු කළ අය පිළිබඳ වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ ජනතාවට අයහපත් ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මතුව ඇති තත්ත්වය හමුවේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමා පසුගිය දින කිහිපය තුළ දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් සමඟ සාකච්ඡා පැවැත් වූ බවයි.

RSL

Related Posts