උමා ඔය ව්‍යාපෘතියේ විනාශයට විරුද්ධව බණ්‌ඩාරවෙල නගරයේ අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඊයේ (28 දා) දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි. උමා ඔය ජල ව්‍යාපෘතියේ විනාශයට විරුද්ධ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව සඳහා බණ්‌ඩාරවෙල අවට ගම්මාන රැසක ජනතාව එක්‌රැස් වී සිටියහ.
මෙම විරෝධතා ව්‍යාපාරයේ අවස්‌ථාවක් ඡායාරූපයේ දැක්‌වේ. මේ නිසා නගරයේ සියලු කඩ සාප්පු වසා තිබුණු අතර, බස් රථ හා සියලු වාහන ගමනාගමනයද ඇනහිට තිබුණි.
පෙරවරු 10.00 ට පමණ ආරම්භ වූ උද්ඝෝෂණයෙන් පසු උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගෙන් සැදුම්ලත් සංවිධානයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පිරිස අමතමින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව කීය.
[youtube NPU-hvw674I]
Loading...