රාජපක්ෂ සමාගමේ කොටි සබඳතා හෙළිකෙරෙයි ද?

මහින්ද රාජපක්ෂ නඩය පෙනී සිටින්නේ මෙරට දේශප්‍රේමයේ පොල්මඃකරුවන් ලෙසිනි. එය ඔවුනට මැදමුලන වලව්වෙන් ලද බූදලයක් සේ ය. එහෙත් ඔවුන් කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බව පසුගිය කාලයක් පුරා නොයෙක් විට මතු වූ කරුණකි. ඒවා වරින් වර මතු වී යටපත් වුණා විනා බරපතළ ලෙස හෙළිදරව්වීමක් වුණේ නැත. එයට ද බොහෝ හේතු බලපෑ බව ප්‍රකට කරුණකි. රාජපක්ෂවරුන් කොටින්ට මුදල් දුන් බවට පාර්ලිමේන්තුවේ …

Continue Reading

මහින්දගේ ශරීරාරක්ෂකයා තම වත්කම් සැඟවීමේ වෑයමක!

හිටපු ජනපතිවරයාගේ ආරක්ෂකයන් ලෙස කලු පැහැති ඉතිහාසයක් සහිත පුද්ගලයන් යොදාගෙන තිබෙන අතර, අනීතික ආකාරයෙන් ඔවුන් හමුදාවට ඇතුළත් කර උසස් නිලතල පිරිනමා ඇති බව පසුගිය දා හෙළිදරවු වූ කරුණකි. මේජර් තිස්ස යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව වාර්තා පළ විය. ඔහු මේ වන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හමුදා කඳවුරක සිටින බව සැලයි. දැනටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස සැලකෙන මේජර් …

Continue Reading

ඔෂෝ කල්ලිය ඇති කළ ජෛව ත්‍රස්ත ප්‍රහාර භීතිය!

දිග රැවුල් ඇති අය ඇමෙරිකානුවන්හට සැකයි. දිග රැවුල් ඇති ජටා බැඳි අයට ඇමෙරිකානුවෝ බියයි. ඔෂෝට මේ දෙකම තිබුණා පමණක් නොව ඔහු ලෝගුවත් ඇන්දා. ඔහු වයස විසි එකේදී “ඥානාවබෝධය” ලැබූ බව කියනවා. ඔෂෝ යන්නෙන් අර්ථවත් වන්නේ ජපන් බසින් “නායක හිමි” යන්නයි. ඔෂෝ 1971 වසරේ පටන් තමන්ව “භග්වාන් ශ්‍රී රාජ්නීෂ්” යනුවෙන් හඳුන්වාගත්තා. ඔහු දර්ශනවාදය පිළිබඳ මහාචාර්වය වරයෙක්. ඔෂෝ ගේ නව සන්‍යාසීය ඉගැන්වීම් …

Continue Reading

මේවා අහල පණ පලයං ලබන පෙරේදා!

මෙහි යොදා ඇති උධෘතය සාමාන්‍යයෙන් අප යොදන තාලයේ එකක් නොවේ. එනමුත්, මේ දැන් දැන් ලියන්නට සිදුව ඇති නරිනාටක නිසාවෙන් මෙවැනි උධෘත යෙදීමට සිදු වීම ගැන අප පාඨකයන් අපට සමාව දිය යුතු ය. මේවා ගැන ලිවිය යුත්තේ ගම්මැදි හෑලි යොදාගෙන බව සැකයක් නැත්තේ, මේ ප්‍රකාශ එතරම්ම විසුළුසහගත නිසා ය. ඊයේ (19) මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ …

Continue Reading

ෆීල්ඩ් මාර්ෂල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමත් එහි කටයුතු කිරීමටත් එරෙහි ව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ෆොන්සේකාට අමතරව, එ.ජා.ප මහලේකම්, කතානායක ඇතුළු පිරිසක් නම් කර තිබේ. එ.ජා.ප ජාතික ලැයිස්තුවේ නොසිටි අයෙක් එලෙස …

Continue Reading

ශ්‍රි.ල.නි.ප.ය දෙකඩ වුවත් පරික්ෂණ දිගට ම!

තම පවුලට එරෙහිව සිදු කෙරෙමින් යන පරික්ෂණ කටයුතු නවතා දැමෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් විශ්‍රම ගැනීමට වුව ද සූදානම් බව ආරංචි මාර්ග වාර්තා සඳහන් කරයි. දැනගන්නට තිබෙන පරිදි මේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද දන්වා ඇත. නව පක්ෂයක් සෑදීමේ මූලික අරමුණක් ලෙස මේ කෙරෙන පරික්ෂණ කටයුතු නවතා ගැනීම ද හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් …

Continue Reading

පන්සලේ පෙරහැරට ගෙනා අලි කතා

පන්සලේ පෙරහැරට ගෙනා අලිකතා වලින් හොඳම කතාව කියා ඇත්තේ යූ. ඩම්මාලෝක හිමියන්ය. උන්නහන්සේ ගේ කතාව තරම් හාස්‍යජනක නැතත් මා දන්නා තවත් අලි කතාවක් මෙසේය. -බෙල්ලන්විල පන්සල අද්දර ගේකට මහ රෑ ඇමතුමක් එයි- ගෙහිමියා: හලෝ, කවුද කතා කරන්නේ? දුරකතනයේ අනෙක් පැත්තෙන් : මම පන්සලේ නායක හාමුදුරුවෝ කතා කරන්නේ. පෙරහැරට ගෙනා අලියෙක් නැතිවෙලා. ඔයි පැත්තේ හිටියොත් කියන්න. ගෙහිමියා: හොඳමයි -ආයෙත් දුරකථනය නාදවෙයි …

Continue Reading

ජන විරෝධය නොතකා ETCA අත්සන් තැබෙන ලකුණු!

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ කිසිදු විරෝධයක් නොතකා ETCA ගිවිසුම අත්සන් කරන්නට යන බව යි. බොහෝ ක්ෂේත්‍රවල මේ සම්බන්ධයෙන් වන විරෝධය පැන නැගී ඇති අතර යහපාලන මූලධර්මවලට අනුව නම් මෙවැනි විවාදාපන්න තත්වයක දී යම් කරුණක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පුළුල් මහජන කතිකාවක් ඇති විය යුතු ය. මෙලෙස අත්තනෝමතිකව ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කරන්නට උත්සාහ දැරෙන්නේ ඇයි දැ …

Continue Reading

මහාමාර්ගයේ කන්දොස්කිරියාවට වැට බැඳෙයි!

අධික ශබ්ධයෙන් යුත් වාහන නලා මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය වැලැක්වීමට හෙට දින (පෙබරවාරි 19) මධ්‍යම පරිසර අධිකාරිය මගින් වැටලීම් සිදු කරන බව වාර්තා වෙයි. ජාතික පාරිසරික පනතේ නෛතික ප්‍රතිපාදන අනුව වන හඬ සීමාවන් උල්ලංඝනය කෙරෙන වාහන ඒ අනුව වැටලීමට ලක් වෙයි. මෙම වැටලීම් සිදු කිරීම අතිශයින් වැදගත් කටයුත්තකි. මෙරට රිය පදවන බොහෝ දෙනෙක් වැඩියෙන් ම භාවිත කරන වාහනයේ ඇති …

Continue Reading

අභයාරාමයේ රතන සූත්‍රය සජ්ජායනා කිරීම

මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප ආදී හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ හෙවත් හිටපු ජනපතිවරයාගේ රක්ෂණාස්ථානයේ රතන සූත්‍රය සජ්ජායනා කොට රට පුරා පිරිත් පැන් ඉසින්නට වැඩ පිළිවෙලක් සකසා ඇති බවට පුවත් වාර්තා පළ වෙයි. රතන සූත්‍රය බුද්ධ කාලීන භාරතයේ දේශනා කරන්නට හේතු වූයේ විසාලා මහනුවර නම් නගරයේ ඇති වූ තුන් බියක් නිසා ය. ඇත්ත වශයෙන් ම එකී තුන් බියෙන් එක් බියක් වූයේ අමනුෂ්‍ය බිය …

Continue Reading