ශ්‍රි.ල.නි.ප.ය දෙකඩ වුවත් පරික්ෂණ දිගට ම!

Spread the love

May3

තම පවුලට එරෙහිව සිදු කෙරෙමින් යන පරික්ෂණ කටයුතු නවතා දැමෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් විශ්‍රම ගැනීමට වුව ද සූදානම් බව ආරංචි මාර්ග වාර්තා සඳහන් කරයි. දැනගන්නට තිබෙන පරිදි මේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද දන්වා ඇත. නව පක්ෂයක් සෑදීමේ මූලික අරමුණක් ලෙස මේ කෙරෙන පරික්ෂණ කටයුතු නවතා ගැනීම ද හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් ජනපතිවරයා කිසිදු හේතු යක් මත පරික්ෂණ නවතා දමන්නට කැමැති වී නැති බවත් පක්ෂය දෙකඩ වුවත් සියලු පරික්ෂණ විධිමත් ව සහ සාධාරණ පැවැත්විය යුතු ය යන ස්ථාවරයේ දැඩි ව සිටින බවත් පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

RSL

Related Posts