ජන විරෝධය නොතකා ETCA අත්සන් තැබෙන ලකුණු!

Spread the love

Ranil new_CI

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කරන ප්‍රකාශ අනුව පෙනී යන්නේ කිසිදු විරෝධයක් නොතකා ETCA ගිවිසුම අත්සන් කරන්නට යන බව යි. බොහෝ ක්ෂේත්‍රවල මේ සම්බන්ධයෙන් වන විරෝධය පැන නැගී ඇති අතර යහපාලන මූලධර්මවලට අනුව නම් මෙවැනි විවාදාපන්න තත්වයක දී යම් කරුණක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට පුළුල් මහජන කතිකාවක් ඇති විය යුතු ය.

මෙලෙස අත්තනෝමතිකව ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කරන්නට උත්සාහ දැරෙන්නේ ඇයි දැ යි අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ නැත. සඟවා කරන්නට යෑම, අත්තෝනමතික වීම ආදී කරුණු නිසාවෙන් මේ ගිවිසුම වඩාත් සැකයට භාජනය වී ඇත.

අප රටට වඩා විශාල ආර්ථිකයක් සහිත රටක් සමඟ එළැඹෙන ගිවිසුමක් සම්බන්ධයෙන් ජනතාව වඩාත් සංවේදී වීම කිසිසේත් ම වරදක් ලෙස ගිණිය නොහැකි ය. එමෙන් ම අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුම් ගසන්නට තමන්ට ජනවරමක් ඇති බව ය. ගෝත්‍රික පාලනයකින් රට මුදාගන්නට ගිය ගමනේ බෝනස් ජයක් ලෙස අගමැති ධුරය ලැබුණු ඔහු මෙලෙස ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන්නේ නම්, විධායක බලයක් ලැබුණේ නම් මහින්දට වඩා එහා යනු ඇති බවට සැකයක් නැත.

RSL

Related Posts