රාජපක්ෂ සමාගමේ කොටි සබඳතා හෙළිකෙරෙයි ද?

Spread the love

Namal with emil

මහින්ද රාජපක්ෂ නඩය පෙනී සිටින්නේ මෙරට දේශප්‍රේමයේ පොල්මඃකරුවන් ලෙසිනි. එය ඔවුනට මැදමුලන වලව්වෙන් ලද බූදලයක් සේ ය. එහෙත් ඔවුන් කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බව පසුගිය කාලයක් පුරා නොයෙක් විට මතු වූ කරුණකි. ඒවා වරින් වර මතු වී යටපත් වුණා විනා බරපතළ ලෙස හෙළිදරව්වීමක් වුණේ නැත. එයට ද බොහෝ හේතු බලපෑ බව ප්‍රකට කරුණකි. රාජපක්ෂවරුන් කොටින්ට මුදල් දුන් බවට පාර්ලිමේන්තුවේ කථා කළ ශ්‍රීපති සූරියාරච්චි මන්ත්‍රීවරයා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

රාඩා ආයතනය හරහා ටිරාන් අලස් විසින් කොටින්ට මිලියන ගණනක් මුදල් ලබා දුන්නේ රාජපක්ෂවරුන්ගේ වුවමනාවට බව ආරංචි පැතිර ගිය අතර එකී සිද්ධිය ගැන කරන පරික්ෂණ ගැන තොරතුරු ද ආගිය අතක් නැත. එමිල් කාන්තන් නැමති කොටි නායකයාගේ සහ රාජපක්ෂවරුන් අතර සම්බන්ධය ද බොහෝ විට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් විය.

නමුත් දැනගන්නට ලැබෙන පරිදි මේ සියල්ලට ම වඩා වැදගත් තොරතුරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් හෙළි කරන්නට නියමිතව ඇත. යුද්ධයේ දී ප්‍රධානත ම කාර්යභාරයක් ඉටු කළ, එමෙන් ම හමුදාමය කටයුතු ගැන ඉතා ම හොඳින් දන්නා ෆොන්සේකාගේ මේ හෙළිදරවුව රාජපක්ෂවරුන්ගේ බොරු සිංහ සෙය්‍යාවන් ගලවා දමනු ඇති බවට සැකයක් නැත.

(ඡායාරූපයේ දැක්වෙන්නේ, නාමල් රාජපක්ෂ එමිල් කාන්තන් සමඟ කෙළිදෙලෙන් ගත කරන අවස්ථාවකි)

RSL

Related Posts