ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාබද, මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ගේ ග්‍රහණයට නතුව අවනීතිය රජකරන අවිචාරවත් භූමියේ තතු රැගත් වාර්තාමය චිත්‍රපටයකි කාර්ටෙල් ලෑන්ඩ්.
මෙක්සිකෝවේ මිචෝකාන් ප්‍රාන්තය මත් ජාවාරම්කරුවන්ගේ භීෂණයෙන් දැඩිව පීඩනයට පත් ප්‍රදේශයක්. එහි මිනිස්සුන්ට සාමයෙන් ජීවත්වන්න ඔවුන්ගෙන් ඉඩක් නැහැ. ඔවුන් සමඟ කවුරු කවුරුන් සම්බන්ධදැයි සොයන්නත් බැහැ. ජනාධිපතිවරයා සාමය ගැන කරන කතා මෙහි වැසියන්ට විහිළුවකට වැඩි යමක් නොවෙයි. නීතිය කියා සංකල්පයක් හෝ මෙම ප්‍රදේශ වල නොමැත්තේ, නීතිය රකින්නන්ද මත්ද්‍රව්‍ය කණ්ඩායම් වල ඉත්තන් වී සිටින නිසයි. මක්නිසාදයත් කවුරුත් කුමන හෝ ක්‍රමයකින් තම දරු පවුල් රැකගෙන නොමැරී ජීවත් වන්න කැමතියි. වාර්තා චිත්‍රපටයට පසුබිම් වන කතානායකයා දොස්තර හොසේ මනුවෙල් මිරේලේස් එයට පිටින් වැඩකරන්නට ගිය කෙනෙක්. ඔහු දවාලෙහි වෙදනළාව පළඳවාගෙන රෝගීන්ට ප්‍රතිකාර කරනවා. රාත්‍රියට ගිණි අවිය අත දරා මත්ද්‍රව්‍ය කල්ලි සාමාජිකයන් දඩයම් කරන්නට යනවා. ඔහු පිහිටුවන ස්වංආරක්ෂක බලකාය එහි වැසියන්ගේ පරම ගැළවුම්කාරයන් බවට පත්වනවා. නමුත් ජනතාවට බොහෝ දුර ඈතක ලෙස දැනෙන නීතියට දොස්තර ප්රමුඛ කණ්ඩායමත් තවත් නීති නාශකයන් පිරිසක්.
තුවක්කුව ගත් දොස්තර සීමාවෙන් එපිට මත්ජාවාරම් කල්ලි සාමාජිකයන් දඩයම් කරද්දී, සීමාවෙන් මෙපිට සිටින, ඕනෑ දෙයකට ඔට්ටු ඇමෙරිකානුවා ටිම් ෆොලී, සිය ඇරිසෝනා බෝඩර් රිකෝන් කණ්ඩායමත් සමග සීමාවෙන් මෙපිට සිට එම දඩයමෙහිම යෙදෙනවා. ඔහුත් සිය ගම් බිම් හැරදමා ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාබද ජනතාවට වදයක් වනඋන්ව මුලිනුමුටා දැමීමේ පරම චේතනාව මුල්කොටගෙන ආ කෙනෙක්. “කවුරුන් හෝ කළ යුතු දෙය මා හැර වෙන කවුරු කරන්නද?” යන්න ඔහුගේ දැක්මයි. තම මව් රටෙහි භීෂණයට මුහුණ දී ගත නොහී එක්සත් ජනපදයට අනවසරයෙන් ඇතුලුවන්නන් ගැන බලාගන්නත් ටිම් හට නිතර සිදුවනවා.
චිත්‍රපටයේ අධ්යක්ෂ මැතිව් හයිනමන් ට සැබැවින්ම මෙය ජීවිතයත් මරණයත් අතර කර්තව්‍යයක්. චිත්‍රපටය මුලුමනින්ම රූගත කරන්නේ ඔහු සහ සහාය කැමරා ශිල්පී මැට් පොව්රොල් විසිනුයි. කාර්ටෙල් ලෑන්ඩ් වාර්තා විත්රපටය මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම වාර්තා චිත්‍රපටය වෙනුවෙන් වන නාම යෝජනා පහ අතරෙහි වනවා. කාර්ටෙල් ලෑනඩ් මේ වනවිටත් සන්ඩාන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙසත්, හොඳම වාර්තා චිත්‍රපට කැමරාකරණය වෙනුවෙනුත් සම්මානයට පාත්රවී තිබෙනවා.
ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිපත්වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නවුන් ඇමෙරිකාවට ප්රචණ්ඩ මෙක්සිකානුවන් අනවසරයෙන් ඇතුලුවීම වැළැක්වීම සඳහා දෙරට අතර මහා ප්රාකාරයක් බැඳීමට කතාකරමින් සිටින කාලයක, කාර්ටෙල් ලෑන්ඩ් ඔස්කාර් රතු පලස මතට පැමිණීම, ගැටලුව එතරම් සරල විසඳුමකින් අවසන් නොවන්නක් බව සමස්ත ලෝකයටම පසක් කර දීමට නිමිත්තක් වේවි.
අඛිල රන්සිරි මලලගේ
[youtube xC5bpPfltOI]