මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප ආදී හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ හෙවත් හිටපු ජනපතිවරයාගේ රක්ෂණාස්ථානයේ රතන සූත්‍රය සජ්ජායනා කොට රට පුරා පිරිත් පැන් ඉසින්නට වැඩ පිළිවෙලක් සකසා ඇති බවට පුවත් වාර්තා පළ වෙයි. රතන සූත්‍රය බුද්ධ කාලීන භාරතයේ දේශනා කරන්නට හේතු වූයේ විසාලා මහනුවර නම් නගරයේ ඇති වූ තුන් බියක් නිසා ය.
ඇත්ත වශයෙන් ම එකී තුන් බියෙන් එක් බියක් වූයේ අමනුෂ්‍ය බිය යි. අපේ අදහස නම් අභයාරාමයේ පිරිත් කීම අභයාරාමයට නම් ඉතා හොඳ බව යි. මන්ද යත් දැන් කලෙක සිට අභයාරාමයේ අමනුෂ්‍ය බියක් රජකරන නිසා ය. තමන්ට සතුරු පාර්ශ්වයන් ඝාතනය කර නිහඬ කරන්නට, ජලය ඉල්ලා කෑ ගසන නොදරුවන්ට වෙඩි තබන්නටැ යි අණ කරන්නට මනුෂ්‍යයන්ට නම් බැරි ය. ඒ වැනි දේ කරන ලද මනුෂ්‍යත්වයට නිගාවන ජාතියේ පිරිසක් ද, පොදු දේපළ කෝටි ගණන් හොරා කෑ ප්‍රේතයන් ද, කාන්තාවන් සිය ගණනින් දූෂණය කර සාද පැවැත්වූ පිසාචයින් ආදී පිරිසක් ද කලෙක සිට අභයාරාමයේ හොල්මන් කරන නිසා රතන සූත්‍රය සජ්ජායනා කිරීමෙන් අමනුෂ්‍ය බිය තුරන් කරගත හැකි ය.