මේවා අහල පණ පලයං ලබන පෙරේදා!

Spread the love

mahinda new 3මෙහි යොදා ඇති උධෘතය සාමාන්‍යයෙන් අප යොදන තාලයේ එකක් නොවේ. එනමුත්, මේ දැන් දැන් ලියන්නට සිදුව ඇති නරිනාටක නිසාවෙන් මෙවැනි උධෘත යෙදීමට සිදු වීම ගැන අප පාඨකයන් අපට සමාව දිය යුතු ය. මේවා ගැන ලිවිය යුත්තේ ගම්මැදි හෑලි යොදාගෙන බව සැකයක් නැත්තේ, මේ ප්‍රකාශ එතරම්ම විසුළුසහගත නිසා ය.

ඊයේ (19) මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ විමල් වීරවංශලා තමාව පන්නන්නේ නැති බවත් පක්ෂයේ සිටින වයසක අයට එසේ කරන්නට වුවමනා වී ඇති බවත් ය. දැනටත් 70වෙනි වියේ පසුවෙන් මහින්ද මන්ත්‍රීවරයා වයසක අය යනුවෙන් අනෙක් අයව හඳුන්වන විට හතර හිනා ය.

නැවත රටේ තීරණාත්මක ඡන්දයක් එළැඹෙන විට ඔහු හොඳට ම වයෝවෘද්ධයෙක්ව සිටින බව ඔහුට අමතක ය. අනෙක් අතට මේ වයසක අය පරාජිතයන් කියා කියද්දී ඔහුට අමතකව ඇත්තේ තමා ද රටේ ජනතාව විසින් ඡන්දයෙන් පරාජය කර ගෙදර යැවූ බව යි.

මහජනතාව පක්ෂය හදන බවත් තමා බලා සිටින බවත් ඔහු තවදුරටත් පැවසුවේ ය.

මේව අහල පණ පලයං ලබන පෙරේදා!

Loading...

RSL

Related Posts