ජනාධිපතිවරණයෙන් පස්සේ කුණු කන්ද ඉවත් කරන්නයි හිටියේ – කු.පා.ම. මහින්ද

යුද්ධය අවසන් කිරීමට ප්‍රමුඛත්වයදී කටයුතු කිරීම නිසා බලයේ සිටි කාලයේදී මීතොටමුල්ල කසළ කන්ද ඉන් ඉවත් කිරීමට නොහැකි වූ බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී පැවැසීය. අලුත් අවුරුදු උදාවෙන් පසු ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ …

Continue Reading

මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට නව නිවාස

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදුවිය. මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සදහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිඛෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත …

Continue Reading

මහින්දට තිලංගගෙන් කනේ පහරක්!

පසුගිය ආණ්ඩුව විසින් මීතොටමුල්ල කැළි කසළ පුත්තලමට ගෙනයෑමට සිදු කළ ව්‍යාපෘතිය අති අසාර්ථක ව්‍යාපෘතියක් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (20දා) මල්වතු මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හමුවේ සඳහන් කළේය. ක්‍රිකට් ඇකඩමියක් සඳහා මල්වතු විහාර පාර්ශ්වයේ ඉඩමක් ලබාදීමේ ගිවිසුමක් අත්සන් තැබීම මල්වතු මහා නාහිමියන් සහ තිලංග සුමතිපාල මහතා අතර ඊයේ මල්වතු විහාරයේදී සිදුකෙරිණි. එහිදී නියෝජ්‍ය කතානායකවරයා …

Continue Reading

බැඳුම්කර කොල්ලයේ පාඩුව පියවන්න 28% ක බද්දක්

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව එම අරමුදලේ ආයෝජන ආදායමටත් එය රඳවා තබා ගැනීමටත් සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට සියයට 14කුත්, එම අරමුදල රඳවා තබා ගැනීමේ බද්ද ලෙස සියයට 14කුත් යන ආකාරයට මෙලෙස …

Continue Reading

ලොව ක්‍රිකට් ක්‍රීඩකයකුට පිරිනැමෙන ඉහළම සම්මානය මුරලිට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර අයි.සී.සී.යෙන් මෙවන් ඉහළ මට්ටමේ නම්බු නාමයක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවටද මුරලිදරන් පත්වනු ඇත. මුත්තයියා මුරලිදරන් මෙසේ ලොව විශිෂ්ට ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් නම් කිරීමේ කටයුත්ත ලබන ජුනි මාසයේදී පැවැත්වෙන …

Continue Reading

අළුත්ම පරිගණක වෛරසයක්‌

ඊ-තැපෑලක ස්‌වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක්‌ අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි . තමන් වෙත ලැබෙන සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‌ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි. මෙම වෛරසය රැන්සොම්වෙයාර් වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඊ-මේල් පණිවුඩයක ඇමුණුමක්‌ විවෘත …

Continue Reading

ලසන්ත ඝාතනය ගැන හමුදාවේ ඉහළම ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරීන් තිදෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (18 දා) ප්‍රශ්න කර ඇත. මෙසේ ප්‍රශ්න කරනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාව සිටි මේජර් ජෙනරාල් කුමාර හේරත්, හිටපු බස්‌නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ …

Continue Reading

ආර්ථික වර්ධනය පහළ බසී

ගිය වසරේ (2016) ආර්ථික වර්ධනය සියයට 4.4 ක්‌ දක්‌වා අඩුවී ඇත. 2015 වසරේ ආර්ථික වර්ධනය සියයට 4.8 ක්‌ විය. සියයට 4.4 ක මේ ආර්ථික වර්ධනය සඳහා කර්මාන්ත අංශය සියයට 6.7 කින් සහ සේවා අංශය සියයට 4.2 කින් දායක වී ඇති අතර කෘෂිකර්ම අංශය සියයට 4.2 කින් පසුබෑමට ලක්‌වී තිබේ. මේ අතර මේ වසරේ (2017) ආර්ථිකය සියයට 5 ත් 5.5 ත් …

Continue Reading

කුණු කන්දට යට වී මියගිය ගණන තවත් ඉහළට; 1000 කට වැඩි පිරිසක් රැඳවුම් කඳවුරේ

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි. ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක්‌ යොදා ගෙන කුණු කන්ද නායයැමෙන් අතුරුදන් පුද්ගලයන් සොයා කැණීම් කටයුතුවල නිරතව සිටින ආකාරය දැකගත හැකි …

Continue Reading

තාජුඩීන් ඝාතනය යට ගසන්න PSDය වාර්තා පොත්වල පිටුත් ගලවලා

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සඳහා තාජුදීන් ඝාතනයට පෙර හා පසු දින ජනාධිපති ආරක්ෂක අංශය මඟින් පවත්වාගෙන ගිය තොරතුරු සටහන් පොත්වල ලේඛන ඉවත් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ. තාජුඩීන් ඝාතනයට අදාළ නඩුව අද(18) කැඳවූ අතර එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත. වසීම් …

Continue Reading