තාජුඩීන් ඝාතනය යට ගසන්න PSDය වාර්තා පොත්වල පිටුත් ගලවලා

Spread the love

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සඳහා තාජුදීන් ඝාතනයට පෙර හා පසු දින ජනාධිපති ආරක්ෂක අංශය මඟින් පවත්වාගෙන ගිය තොරතුරු සටහන් පොත්වල ලේඛන ඉවත් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.

තාජුඩීන් ඝාතනයට අදාළ නඩුව අද(18) කැඳවූ අතර එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත.

වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලැබුණු රහසිගත තොරතුරු පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන බවත්, වසීම් තාජුදීන්ගේ විද්‍යුත් කාඩ්පත් මඟින් මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තු මත තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

RSL

Related Posts