කුණු කන්දට යට වී මියගිය ගණන තවත් ඉහළට; 1000 කට වැඩි පිරිසක් රැඳවුම් කඳවුරේ

Spread the love

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි.

ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක්‌ යොදා ගෙන කුණු කන්ද නායයැමෙන් අතුරුදන් පුද්ගලයන් සොයා කැණීම් කටයුතුවල නිරතව සිටින ආකාරය දැකගත හැකි විය.

මේ වන විට මෙම අනතුරින් විපතට පත් වූ පවුල් 246 ක පුද්ගලයන් 1215 දෙනකු කොළොන්නාව ටෙරන්ස්‌ එන්. ද සිල්වා විද්‍යාලයේ රඳවා සිටින බව වාර්තාවෙයි. දහම්පුර, 101 වත්ත, 23 වත්ත යන ප්‍රදේශවල විපතට පත් ජනතාව මෙම විද්‍යාලයේ රඳවා සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරුන්, හෙද – හෙදියන් ඇතුළු කාර්යමණ්‌ඩලයක්‌ අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්‌ෂා කරති.

මීතොටමුල්ල කණු කන්ද අසල නාය ගිය ස්‌ථානයේ කැණීම් කටයුතු ඊයේ පස්‌වැනි දිනයටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහායෙන් සිදු කරන බවත්, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක්‌ සහාය ලබාදෙන බවත් වාර්තාවෙයි.

RSL

Related Posts