මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට නව නිවාස

Spread the love

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදුවිය.

මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සදහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිඛෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් ඊයේ මෙලෙස නිවාස ලබාදීම සිදු කෙරිණි.

මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කිි.

එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම ද සිදු කෙරේ.

අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේනම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

අදාළ නිවාසලාභීන් වෙත නිවාස ඔප්පු ප්‍රදානය කිරීම ආපදා කළමණාකරන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රි යදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, වජිර අබේවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RSL

Related Posts