දුම්රිය වර්ජනය නවතියි
-
RSL
-
June 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි. ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (20)මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබු අතර ඒ සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද හිමි වී තිබිණි.
Continue Reading
‘වෙන දේ බලා ගනිව්!’ පෝද්දල ජයන්ත රෙජීමයක භීෂණය හෙළි කරයි
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති පෝද්දල ජයන්ත අද (2017 ජුනි 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මෙසේ රහස් පොලිසියට ගියේය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට …
Continue Reading
අර්ජුන් යට ගැසූ මුදල් මණ්‌ඩල පත්‍රිකාව විගණාකාධිපති අතට ගෙන බැඳුම්කර කොල්ලය ඇල්ලු හැටි
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක් පරීක්‍ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපතිට ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය. මහ බැංකු මුදල් මණ්‌ඩල පත්‍රිකාවක් ගැන සඳහන් කරමින් ඔබ කොහොමද මේ ලේඛනය ගෙන්වා …
Continue Reading
පොලිසියේ 600 ක් සමූල ඝාතනය කළේ කරුණා අම්මාන් බව පළමුවරට පිළිගනී
-
RSL
-
June 20, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පොලිස් භටයන් 600 ක් සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ඊයේ (19 දා) මුල් වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළේය. කොටි සංවිධානය විසින් පොලිස් භටයන් 600 ක් මරා දැමූ බව පිළිගත් මුල් අවස්ථාව මෙය බවට වාර්තාවේ. කොටි සංවිධානය වසර 27 කට පෙර පොලිස් භටයන් 600 ක් මරා දැමූ සොහොන් …
Continue Reading
පී. හැරිසන් ජනතා මුදල් අවභාවිතා කළ බවට FCIDයට පැමිණිල්ලක්
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (19) පෙරවරුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ. පී. හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන …
Continue Reading
මදාවි සාදුලාගෙන් යුක්තිය බේරාගනිමු..!
ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට පුරුදු කර ඇත්තේ සිංහල-බෞද්ධ ගැමි සමාජයේ උදවු උපකාර අවශ්‍ය, අසරණ අයවළුන් පිළිසරණ පතා යා යුතු වඩා ආරක්ෂාකාරීම හා ප්‍රතිලාභීම තැන ගමේ පන්සල බවයි. සමාජ-දේශපාලනික හැඟවුම් සියල්ලෙන්ම වියුක්ත කොට බැලූ කල …
Continue Reading
විමල්ගේ කුප්‍රකට ගැහිලි ගැන පරීක්ෂණ ගොනු නීතිපතිවරයා අතට (වීඩියෝ)
රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ වාහන අවභාවිත කර රජයට රුපියල් කෝටි 09 කට අධික පාඩුවක් සිදු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි පරීක්ෂණ ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒ පිළිබඳ නඩුව අද(19) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම්දි ඇත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇති බවය. ඒ …
Continue Reading
සම්බන්දන් – විග්නේෂ්වරන් ගැටෙති
-
RSL
-
June 19, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සිදුකළ වරද වහාම නිවැරැදි කරන මෙන් ඉල්ලමින් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාට ලිපියක් යවා ඇත. උතුරු මහ ඇමැතිවරයා විසින් පත්කරනු ලැබූ පරීක්‍ෂණ මණ්‌ඩලයක් මගින් වරදකරුවන් නොකරනු ලැබූ ඇමැතිවරුන් දෙදෙනකුට දඬුවම් ක්‍රියාමාර්ග ගන්නා බවට කළ ප්‍රකාශ නිවැරැදි කරන මෙන් මෙහිදී විපක්‍ෂ නායකවරයා සී. වී. විග්නේෂ්වරන් මහතාට දන්වා ඇත. අසමගිය හා බාධාවන් ප්‍රවර්ධනය වන අත්තනෝමතික ක්‍රියාවන් …
Continue Reading
ලක්ෂමන් යාපා අමාත්‍යංශ ගොඩනැඟිල්ලට මුවා වී අත යට ගැහිල්ලකට සැරසෙයි!
බොහෝ දිනකට පසු අද(19) දින ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ 23 වන මහලේදී නාමිකව වැඩ භාරගත් ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල දඩමීමා කරගෙන අළුත් ගැහිල්ලකට සැරසෙන බවට වාර්තාවේ. කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. ඉන්පසු හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කොටසේ වැඩභාර …
Continue Reading
ඩෙංගු රෝගීන් 63000 ඉක්මවයි
-
RSL
-
June 19, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙම වසරේ ගතවූ මාස හයහමාරක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හැට තුන් දහසක් (63,000) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි. මෙම කාලයේදී ඩෙංගු මරණ 200 ක් වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තාවන බවද ඇය සඳහන් කළාය. …
Continue Reading