ඩෙංගු රෝගීන් 63000 ඉක්මවයි

Spread the love

මෙම වසරේ ගතවූ මාස හයහමාරක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හැට තුන් දහසක්‌ (63,000) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි.

මෙම කාලයේදී ඩෙංගු මරණ 200 ක්‌ වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තාවන බවද ඇය සඳහන් කළාය.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය තවදුරටත් මෙසේ ද කියා සිටියාය.

“මදුරුවන් ගැටීම වැළැක්‌වීම සඳහා ආවරණ සහිත ඇඳුමක්‌ අඳින්න. විශේෂයෙන් අත් දිග ෂර්ට්‌ අඳිනවා නම් හොඳයි. මොකද මේ ඩෙංගු මදුරුවා උදේ සවස දෂ්ඨ කරන්නේ. ඒ නිසා ඒ සඳහා පැඟිරි තෙල් ශරීරයේ ආලේප කරගන්නවා නම් හොඳයි. ඒ වගේම ඒවා නිවෙස්‌ තුළ ඉසින්න. එසේම නිවාස පරිශ්‍ර තුළ මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන විනාශ කරන්න. එමෙන්ම වැහි පීලි නිරන්තරයෙන්ම සුද්ධ කරන්න. ඒ වගේම කැළි කසළ ගොඩගැහිලා තියෙනවා නම් ඒවා පොහොර ගෝනියක හරි දාලා තියන්න.

එසේම පැය 48 කට වඩා උණ තියෙනවා නම් වහාම රජයේ වෛද්‍යවරයකු හමුවෙලා ප්‍රතිකාර ගන්න.

RSL

Related Posts