ආසියා ෆැසිපික් කලාපයේ හොඳම සංවර්ධන ව්‍යාපෘතියට හිමි සම්මානය ‘බ්ලු මවුන්ටන්’ හිමිකර ගනී

Spread the love

ශ්‍රී ලංකාවේ කිර්තිනාමය ජාත්‍යන්තර තලයේ යළි යළිත් තහවුරුවුණ අග්‍රගණ්‍ය ජයග්‍රහණයක් හිමිකරගැනීමට පසුගියදා ශ්‍රී ලංකාව සමත් විය. එ අනුව, මෙවර තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන 2017-18 උළෙලේදී, ශ්‍රී ලංකාවේ ‘බ්ලුූ මවුන්ටන්’ සමාගමේ ‘ඇකිලියෝන්’ ව්‍යාපෘතිය ද, ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දේපළ සංවර්ධන ව්‍යාපෘති’ තුනෙන් එකත් ලෙස නම්කරන ලදී.

ඕස්ටේ්‍රලියාව, ජපානය, චීනය, නවසීලන්තය, සිංගප්පූරුව ආදී රටවල් 25ක් පමණ සහභාගී වූ එම තරගාවලියේදී, මෙම අග්‍රගණ්‍ය ජයග්‍රහණය හිමිකරගත් අනෙක් අධිසුඛෝපභෝගී දැවැන්ත ව්‍යාපෘති වන්නේ, චීනයේ ෂැංහයි නගරයේ ‘බුල්ගාරි රෙසිඩන්සීස්’ සහ ඉන්දියාවේ මුම්බායි නගරයේ ‘එච්.බී.එස්. ටවර්’ ව්‍යාපෘති ද්විත්වයයි.

එ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘තරු 7 අධිසුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘතිය’ වන ‘ඇකිලියොන්’, මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ‘ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන 2017-18’ ගෝලීය අවසන් මහාතරගයේදී – ‘ලෝකයේ හොඳම අධිසුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘති’ තරගය සඳහා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරයි. එම ජාත්‍යන්තර සම්මාන උළෙල, වසර 20ක් පමණ කාලයක් මුළුල්ලේ වසරින් වසර පවත්වාගෙන එන, ලෝකයේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සම්මාන උළෙලයි.

RSL

Related Posts