යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇතුළත් විය යුතු වගන්ති සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය සමඟ අද (19 දා) රාත්‍රියේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්බන්ධයෙන් එජාපය සමඟ පවත්වන ප්‍රථම සහ අවසන් සාකච්ඡාව මෙය බව ශ්‍රීලනිප නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා සිය පක්‍ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ඇමැති නිමල් සිරිපාල ද සිල්aවා මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම මෙසේ අද රාත්‍රියේ එජාපය හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
රටේ ඒකීයභාවය, බෞද්ධ ආගමට හිමි තැන, විධායක ජනාධිපති ධුරය, පළාත් ආණ්‌ඩුකාරවරුන් සතුවිය යුතු බලතල ඇතුළු වගන්ති ගණනාවක් සම්බන්ධව එජාපය සමඟ ඇති පරස්‌පරතාවයන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි කී ඉහත නියෝජ්‍ය ඇමැතිවරයා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ වගන්තිය ද ඇතුළත්ව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනමත විචාරණයකට යැමට ශ්‍රීලනිපයේ සියයට අසූවක පමණ පිරිසක් එකඟත්වය පළකර ඇතැයි ද කීය.
කෙසේ වෙතත් එජාපය සහ ජවිපෙ මෙතෙක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධව ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් නොකිරීම ගැටලුවක්‌ව ඇතැයි ද කී හෙතෙම එජාපය සමඟ මේ පිළිබඳව ද අද සාකච්ඡා කරන බව කීවේය.