ඉදිරි සති දෙක ඇතුලත මහින්ද ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට (විශේෂ)

Spread the love

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක්‌ ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයකු ලෙස සිටිමින් පොදුජන පෙරමුණ වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරත වීම, මධ්‍යම කාරක සභා තීන්දුවලට අභියෝග කිරීම, මැයි රැලිය සහ පක්‍ෂ සම්මේලනය වර්ජනය කිරීම, පක්‍ෂය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කිරීම, පක්‍ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රැසක්‌ මෙම මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබෙන බව හෙතෙම පවසයි.

එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්‍ෂණය දැන් අවසන් අදියරට පැමිණ තිබෙනවා. විනය කමිටු වාර්තාවෙන් මන්ත්‍රීවරයා වැරදිකරු බව තීරණය කළහොත් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන බවත් විනය කඩකර ඇති සෙසු මන්ත්‍රීවරුන්ට ද පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව කටයුතු කරන බවත් පැවසීය.

RSL

Related Posts