ලක්ෂමන් යාපා අමාත්‍යංශ ගොඩනැඟිල්ලට මුවා වී අත යට ගැහිල්ලකට සැරසෙයි!

Spread the love

බොහෝ දිනකට පසු අද(19) දින ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ 23 වන මහලේදී නාමිකව වැඩ භාරගත් ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල දඩමීමා කරගෙන අළුත් ගැහිල්ලකට සැරසෙන බවට වාර්තාවේ.

කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. ඉන්පසු හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කොටසේ වැඩභාර ගැනීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී ඊට පෙරදින රාත්‍රියේ ඇමැති කබීර් හෂීම් මහතා විසින් එම කාමර නවයෙන් හයක්‌ තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය බව පවසමින් එය ලබාගත් නිසාවෙන් ඊට විරෝධය පළකළ ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයා වැඩභාර නොගෙන මාතර බලා පිටත්ව ගියේය.

ඉන් අනතුරුව තම අමාත්‍යංශයට කාමරයක් නැතිබව පවසමින් දිගින් දිගටම වැඩක් නොකොට මාතර වී සිටින අතරතුර අමාත්‍යවරයාට අළුත් පොටක් පෑදී ඇත. ගාල්ල ප්‍රදේශයේ තම මිතුරකුට අයත් කොළඹ පිහිටි ගොඩනැගිල්ලක් කෝටි ගණනකට තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල සඳහා මිලට ගැනීමයි. මෙම ගනුදෙනුව 50 ට 50 අතයට ගනුදෙනුවක් ලෙස සිදුකිරීමට සැලසුම් කර ඇති අතර මෙය එකවර සැක නොසිතන පරිදි කළ නොහැකි නිසා අද දින අඩුපාඩු මැද වුවත් වැඩ භාරගත් බව පෙන්වීම සඳහා වැඩ භාරගත් බවට වැඩිදුරටත් වාර්තාවේ.

මෙම සැලැස්මට අනුව නුදුරු දිනයකදී මාධ්‍ය හමුවේ ලක්ෂ්මන් යාපා ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ තම අමාත්‍යංශ කාමර සඳහා යන මිලගණන් පෙන්වා; එතරම් ධනස්කන්ධයක් ජනතාවට ඉතිරිකිරීම වෙනුවෙන් තම මෙවැනි ගොඩනැගිල්ලක් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මිලදී ගන්නවා යැයි කිවහොත් එය අපට නම් කරුමක් මිස අරුමයක් නොවනු ඇත.

RSL

Related Posts