සම්බන්දන් – විග්නේෂ්වරන් ගැටෙති

Spread the love

සිදුකළ වරද වහාම නිවැරැදි කරන මෙන් ඉල්ලමින් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාට ලිපියක්‌ යවා ඇත.

උතුරු මහ ඇමැතිවරයා විසින් පත්කරනු ලැබූ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ මගින් වරදකරුවන් නොකරනු ලැබූ ඇමැතිවරුන් දෙදෙනකුට දඬුවම් ක්‍රියාමාර්ග ගන්නා බවට කළ ප්‍රකාශ නිවැරැදි කරන මෙන් මෙහිදී විපක්‍ෂ නායකවරයා සී. වී. විග්නේෂ්වරන් මහතාට දන්වා ඇත.

අසමගිය හා බාධාවන් ප්‍රවර්ධනය වන අත්තනෝමතික ක්‍රියාවන් කිසිම ආකාරයකට උතුරු පළාත් සභාවේ යහපතට හේතු නොවන බව එම ලිපියේ සඳහන් වේ.

වරදකරුවන් නොවූ ඇමැතිවරු දෙදෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව උතුරු මහ ඇමැතිවරයා ඉකුත් බදාදා ප්‍රකාශ කිරීමත් සමඟ උතුරු පළාත් සභා මන්ත්‍රීවරු විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක්‌ භාර දුන්හ.

RSL

Related Posts