රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ වාහන අවභාවිත කර රජයට රුපියල් කෝටි 09 කට අධික පාඩුවක් සිදු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි පරීක්ෂණ ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒ පිළිබඳ නඩුව අද(19) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම්දි ඇත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇති බවය.
ඒ අනුව අදාළ නඩු විභාගය ඔක්තෝබර් මස 23 වනදා යළි කැඳවීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.
එදිනට අදාළ පරික්ෂණ වාර්තා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇති අතර නීතිපතිවරයා වෙත සිහි කැඳවීමේ නියෝගයක් ද නිකුත් කර තිබේ.
ඊට අමතරව අදාළ නඩුවේ දෙවන වගඋත්තරකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සභාපති සමන්ත ලොකුහැන්නදිගේ මහතාට අගෝස්තු 03 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ විදෙස් ගතවීමට අධිකරණයේ අවසර හිමිව තිබේ.
[youtube 8baMUl4DF-0]