‘වෙන දේ බලා ගනිව්!’ පෝද්දල ජයන්ත රෙජීමයක භීෂණය හෙළි කරයි

Spread the love

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති පෝද්දල ජයන්ත අද (2017 ජුනි 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මෙසේ රහස් පොලිසියට ගියේය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය. ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී ලංකාදීප පත්‍රයට ද සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබුණි.

“මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ මම පැහැරගෙන ගිහිල්ලා අවුරුදු 8ක් කිට්ටු වෙනවා. මම පැහැරගෙන ගිහිල්ලා වධ හිංසා පැමිණළුීම පිළිබදව කිසිම පරීක්ෂණයක් මට සෑහීමකට පත්විය හැකි සිද්ධවෙලා නැහැ. මම 2010 දෙසැම්බර් මාසයේ මම රටින් පිටව ගියා මගේ ජීවිත ආරක්ෂාව සදහා. එතැන සිට මම දිගින් දිගටම ලිඛිත පැමිණිලි කළා පොලිස්පත්තුමා ඇතළු ඉහළ බලධාරීන්ට නමුත් ඒ සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිද්ධවුණේ නැහැ. මම පැමිණිල්මලක්ම බාරදෙන්න ආවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගේ සිද්ධිය සම්බන්ධවපරීක්ෂණයක් ආරම්භ කරන්න කියන ඉල්ලීම කරන්න. ඒ අය අද මගේ ලිඛිත ඉල්ලීම භාර ගත්තා…නමුත් ඒ අය ප්‍රකාශ කළා පොලිස්පති තුමාගේ නියෝගයක් නොමැතිව මගේ පරීක්ෂණය ආරම්භ කරන්න අමාරුයි කියලා.“ යනුවෙන්ද පෝද්දල ජයන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ ය.

තවද එදා ඔහුට සිදුකළ පහරදීමේ දී පාදයකට වූ අනතුරට අදාළ යැයි කියන එක්ස් කිරණ පිටපත් ද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රදර්ශනය කරන ලදී.

උපුටා ගැනීම: lankacitizen.com

RSL

Related Posts