පොලිසියේ 600 ක්‌ සමූල ඝාතනය කළේ කරුණා අම්මාන් බව පළමුවරට පිළිගනී

Spread the love

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ඊයේ (19 දා) මුල් වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළේය.

කොටි සංවිධානය විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ බව පිළිගත් මුල් අවස්ථාව මෙය බවට වාර්තාවේ.

කොටි සංවිධානය වසර 27 කට පෙර පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ සොහොන් වළ ළඟට මුලින්ම ගිය විශේෂ කාර්ය බළකා නිලධාරියා තමා බව හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනක්‌ විමල මහතා මානව හිමිකම් කවුන්සිලයේදී හෙළි කරනු ලැබීය.

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන කොටි ඩයස්‌පෝරාව පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමීම සංහාරයක්‌ නොවේද යෑයි ජනක්‌ විමල මහතා කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දැක්‌වූ පෝල් නිව්ටන් එලෙස පැවසුවේ ප්‍රභාකරන් ගලවා ගැනීමටය. එම මූලස්‌ථානය ගැන කිසිදු වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී නොතිබිණි.

RSL

Related Posts