ආසියා ෆැසිපික් කලාපයේ හොඳම සංවර්ධන ව්‍යාපෘතියට හිමි සම්මානය ‘බ්ලු මවුන්ටන්’ හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ කිර්තිනාමය ජාත්‍යන්තර තලයේ යළි යළිත් තහවුරුවුණ අග්‍රගණ්‍ය ජයග්‍රහණයක් හිමිකරගැනීමට පසුගියදා ශ්‍රී ලංකාව සමත් විය. එ අනුව, මෙවර තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන 2017-18 උළෙලේදී, ශ්‍රී ලංකාවේ ‘බ්ලුූ මවුන්ටන්’ සමාගමේ ‘ඇකිලියෝන්’ ව්‍යාපෘතිය ද, ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දේපළ සංවර්ධන ව්‍යාපෘති’ තුනෙන් එකත් ලෙස නම්කරන ලදී. ඕස්ටේ්‍රලියාව, ජපානය, චීනය, නවසීලන්තය, සිංගප්පූරුව ආදී රටවල් 25ක් පමණ සහභාගී වූ …

Continue Reading

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන තීරණාත්මක සාකච්ඡාවක්‌

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇතුළත් විය යුතු වගන්ති සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය සමඟ අද (19 දා) රාත්‍රියේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධයෙන් එජාපය සමඟ පවත්වන ප්‍රථම සහ අවසන් සාකච්ඡාව මෙය බව ශ්‍රීලනිප නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළේය. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා සිය පක්‍ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන …

Continue Reading

ඉදිරි සති දෙක ඇතුලත මහින්ද ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට (විශේෂ)

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක්‌ ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, ශ්‍රී ලංකා …

Continue Reading

බලය ගිලිහුණු දේශපාලන කණ්ඩායම් යළි බලය වෙනුවෙන් ජාතිවාදය යොදා ගන්නවා

බලය ගිලිහුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය ලබා ගැනිම සඳහා ජාතිවාදය යොදා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි. අනුරාධපුරය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජාතිවාදයට හසු නොවන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බවයි. මේ අතර ඇතැම් ආගමික ස්ථාන කඩ සාප්පු ව්‍යාපාරික ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ සිදුවිම් …

Continue Reading

ලොතරැයි මණ්ඩලය එක් නිෂ්චිත අමාත්‍යාංශයකට අයත් විය යුතු බවට නියමයක් නැහැ- අමාත්‍ය රාජිත

ලොතරැයි මණ්ඩලය එක් නිෂ්චිත අමාත්‍යාංශයකට අයත් විය යුතු බවට නියමයක් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අතීතයේ සිටම විවිධ අමාත්‍යාංශ මඟින් ලොතරැයි නිකුත් කළ බවත්,වෙළෙඳ අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ද එසේ ලොතරැයි අයත්ව තිබූ බවත් සඳහන් කරන ඇමැතිවරයා, එහෙයින් විදේශ අමාත්‍යාංශයේ විෂය පථයට ලොතරැයි මණ්ඩලය අයත්වීම ගැටලුවක් …

Continue Reading

බොරැල්ල පොලිසියේ තවත් කොස්තාපල්ලා 3ක්‌ දැලේ

රුපියල් කෝටි ගණනක්‌ වටිනා අකුණු සන්නායකයක්‌a සහ රුපියල් පන්ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් රන් භාණ්‌ඩ තොගයක්‌ කොල්ලකෑ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් තවත් පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනකු කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ හිටපු රථ වාහන ස්‌ථානාධිපතිවරයා සහ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපතිවරයා මීට පෙර පොලිස්‌ අත්අඩංගුවට ගත් අතර මේ වන විට එම …

Continue Reading

ප්ලාස්ටික් හාල් බොරුව පැතිරවු අයට වැඩ වරදී..

සමාජ මාධ්‍ය තුළ ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ව්‍යාජ මතයක් නිර්මාණය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අධික‍ාරිය පවසයි. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ මෙම මතය නිර්මාණය කළ හා ප්‍රචලිත කළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අධිකාරිය තීරණය කළ ඇති බව අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. මෙම මාධ්‍ය හමුවට එක්වූ පාරිභෝගික ආරක්ෂණ …

Continue Reading

මාධ්‍යට නිදහසින් වැඩියෙන්ම බැට කන්නේ ජනපති සහ අගමැති

කාලයේ දැවැන්ත මර්දනයකට මුහුණ දුන් ජනමාධ්‍ය එයින් නිදහස් කර කිසිදා නොතිබුණු ජනමාධ්‍ය නිදහසක් ලබාදීමට වත්මන් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ බවත් එහි ප්‍රථිඵලය වශයෙන් ඒ නිදහස ලබාදුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යයෙන් වැඩියෙන්ම බැට කන බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. එසේ වුවද මාධ්‍යයට තහංචි හෝ මර්දන පැනවිම කිසි විට නොකරන බවත් තමන්ගේ ඉලක්කය තව දුරටත් ජනමාධ්‍ය …

Continue Reading

හදි හූනියම්වලින් මං සැලෙන්නේ නෑ – ජනපති

මගේ රූපය ඇඳලා, නම ගහලා අනුරාධපුර හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්‌ටනයකදී මට හූනියම් කර ඇති පුවතක්‌ ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පළ වී තිබුණා. මේ වගේ දේවල් පිළිබඳව මං සැලෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) ප්‍රකාශ කළේය. ‘ජාතික පුවත්පත්වල පළ වුණු මේ දේවල් බලලා මට හිනා ගියා. මට බලි තොවිල් කර ඇති බවට එහි දැක්‌වෙනවා. අනුරාධපුර හොරොව්පතාන පැත්තේ …

Continue Reading

මහින්ද හා අරුන්දික සමග උදයංගගේ කොකා පෙන්වීම

“සියලූම සතුන් අතරින් උසස්ම සත්වයා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලූම සතුන් අතර පහත්ම සත්වයා වන්නේත් මිනිසාය”. මෙසේ ප‍්‍රකාශ කර ඇත්තේ ග‍්‍රීක මහා දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඒ තුළ ගම්‍ය වන එකම අර්ථය වන්නේ නීතියේ පාලනයෙන් තොර මිනිසා නොමිනිසෙකු වන බවය. දාර්ශනික වශයෙන් ගත් කල්හි ඇතැම් විට මෙම ප‍්‍රකාශය විවාදයට තුඩු දිය හැකිය. එහෙත් ප‍්‍රායෝගික තත්වයන් තුළ කල්පනා කිරීමේදී එය …

Continue Reading