වත්මන් රජය යටතේ සෑම පුරවැසියෙකුට නිවසක උරුමය ලබාදෙනවා – ජනාධිපති

වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දිවයින පුරා ගම්මාන 454ක වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද දිඹුලාගල, මීවත්පුර “සඳරැස්ගම“ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී 2016 නිවාස අවශ්‍යතා පිළිබඳව සමීක්ෂණ වාර්තාව ද ජනාධිපතිතුමා …

Continue Reading

තහනම් කළ පසු එම නිෂ්පාදනම පරිසර හිතකාමී ලෙස බිහිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු නියෝගය පරිදි සිදුකළ පොලිතින් තහනමින් පසු මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදනය එම නිෂ්පාදකයින් විසින්ම නිෂ්පාදනය කරමින් තිබේ. ඒ සඳහා එම නිෂ්පාදකයින් මේ වන විට රජය සමඟ සාකච්ඡා කරමින් ඊට අදාළ එකඟතා සහ අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබේ. මෙරට තුළ භාවිතයට ගන්නා ආහාර දවටන (ලන්ච් ෂීට්‌) පොළොවට පතිත වීමෙන් පසු දින 20 ක්‌ වැනි කෙටි කාලයකින් …

Continue Reading

දේශප්‍රේමියාව ක්ෂණයෙන් දේශද්‍රෝහියෙකු කළ හැකි ලංකාවේ දේශපාලන කලාව

අධිස්වෝත්තමවාදී දෘෂ්ටියකින් බලන විට ජෙනරාල් ජානක පෙරේරා යනු යුධ හමුදාව එතෙක් මෙතෙක් ලොවට දායාද කළ අති දැවැන්තම යුධෝපායීමාර්ගික චරිතයකි.යුධ හමුදා ඉතිහාසයේ එදා මෙදා තුර සිදුකළ සාර්ථකම සහ දැවැන්තම මෙහෙයුම ඔහුගේ මූලිකත්වයෙන් සිදුකෙරුණකි. ඒ 1997 ජුලි 27 වනිදා ඓතිහාසික වැලිඔය මුදාගැනීමේ සටනේදී ත්‍රස්තවාදීන් 503 කට මරු කැඳවමින් ජයග්‍රාහීව අවසන් කළ වැලිඔය මුදාගැනීමේ ක්‍රියාන්විතයයි. කොටි ත්‍රස්තවාදීන් ජානක පෙරේරා යන නාමයට පවා වෛර …

Continue Reading

බන්ධනාගාර රෝහලට අලුත්ම නීතියක්‌

මින් ඉදිරියට බන්ධනාගාර රෝහලට රැඳවියකු ඇතුළත් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය අවශ්‍ය බව බන්ධනාගාර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සඳහන් කරයි. මීට පෙර කිසියම් රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතළත් කරනු ලැබුවේ එක්‌ වෛද්‍යවරයකුගේ අනුමැතිය අනුවය. එහිදී අක්‍රමිකතා සිදුවන බවට විවිධ පාර්ශ්ව වෙතින් පැමිණිලි ලැබී ඇති බැවින් ඉදිරියේදී රැඳවියකු රෝහලට ඇතුළත් කරන්නේ නම් වෛද්‍යවරුන් තිදෙනකුගේ …

Continue Reading

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්‌ගෙන් CIDය දිගින් දිගටම ප්‍රශ්න කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් ඊයේ (08දා) දිනයේ ද උදේ සිට සවස්‌ වනතුරු ජනාධිපති බැඳුම්කර කොමිසමට අනුයුක්‌ත රහස්‌ පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ. ඇලෝෂියස්‌ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා (07දා) සිට ආරම්භ වූ අතර ඔහු අද සහ හෙට දින දෙකේ ද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශය වෙත කැඳවා ඇතැයි …

Continue Reading

2019න් පසු ශ්‍රී ලංකාවට ණය සහනාධාර නැතිවෙයි

2019 වසරින් පසුව ශ්‍රී ලංකාවට ආධාර නොලැබෙන බැවින් ඒ සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) පැවසීය. ශ්‍රි ලංකාවට ආධාර ලබානොදෙන බවට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව දැනුම්දී ඇති බැවින් 2019 වසරේදී රටේ සංවර්ධනය වෙනුවෙන් අලුතින් සිතිය යුතුබවද අගමැතිවරයා පැවසීය. යහපාලන රජය අවුරුදු දෙකක් තිස්සේ කාලය මිඩංගු කර ඇත්තේ පසුගිය රජය …

Continue Reading

ලලිත් – අනූෂත් සුපුරුදු රංගනයට; බන්ධනාගාර රෝහල් ප්‍රධානියාට අල්ලස්!

මෙරට ජනතාවගේ මහජන මුදල් ගසා කෑ, බලය වෙනුවෙන් මිනී මැරූ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පාපතර සහචරයින් වරදකරුවන් වී බන්ධනාගාර ගත කළ සෑම අවස්ථාවකදීම පැය 24ක් ගත වීමටත් මත්තෙන් සිදුකළේ බන්ධනාගාර රෝහලට රිංගා ගැනීමයි. එම සුපුරුදු තක්කඩි රංගනය පෙරේදා බන්ධනාගාර ගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටත් ඊයේ(08)ම සිදුකළේය. මහජන මුදල් කොල්ල කෑ සහ ඊට අනුබල දුන් අයවලුන් මෙලෙස බන්ධනාගාර ගත කළ …

Continue Reading

වහින වැස්ස 12 තෙක්ම; ජලාශ පිටාර මට්ටමට

දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක්‌ අඛණ්‌ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්‌කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. වැසි ඇතිවනවිට තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු අනතුරු වළක්‌වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …

Continue Reading

ජනපතිගෙන් දැයේ දරුවන් වෙනුවෙන් ජාතික වැඩසටහනක්

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලය විසින්, දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ක්‍රීයාවට නංවා තිබේ. “දරුවන් සුරකිමු” 2017-2019 ජාතික සැලැස්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති …

Continue Reading

එජාප සංවත්සරය දින නියමයකින් තොරව කල් දමයි

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය මෙවර රත්නපුරයේදි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද හදිසි අයහපත් කාලගුණික තත්වය මත එය කල් දැමීමට සිදු වූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරයි. අමාත්‍යතුමිය මේ බව සදහන් කළේ අද (08) දින මාධ්‍යවේදීන් හමුවේ කළ විශේෂ ප‍්‍රකාශයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය, “එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය …

Continue Reading