හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වරදකරු කළ නඩු තීන්දුව ඉතිහාස ගත වෙයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද වරදකරුවෙකු කරමින් කොළඹ මහාධිකරණය මගින් අද දිනයේදී ලබාදී ඇති නඩු තීන්දුව අංශ කිහිපයකටම අදාළව සලකා බැලීමේදී ඉතා තීරණාත්මක මෙන්ම ඉතිහාසගත නඩු තීන්දුවක් ලෙසට ද සැලකිය හැකිය. හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වගඋත්තරකරුවෙකු කරමින් මෙම නඩුව පවරා තිබුණේ නීතිපතිවරයා විසිනි. 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන …

Continue Reading

මිනිස් ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උසස්වීමක්

පසුගිය වසර කිහිපය තුළ තැත්තන් වෙළදාම සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට අද වන විට දෙවන පියවර දක්වා උසස් තත්වයකට පත් කර තිබීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක් එම තත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කළ යුතුයි- ඇමතිනී තලතා අතුකෝරල පවසයි. අධිකරණ හා විදේශ රුකියා කටයුතු ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ තැත්තන් වෙළදාම සම්බන්ධයෙන් …

Continue Reading

2020 දී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානගත තනි ආණ්‌ඩුවක්‌ හදනවා – එජනිස මහ ලේකම්

එළැඹෙන 2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ අරමුණු රැසක්‌ මේ වනවිට ඉටුකරගෙන ඇතැයිද ඉදිරි වසර කිහිපයේදී සෙසු අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවද ඊයේ (07 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසීය. එමෙන්ම ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා …

Continue Reading

“සංගා” ගේ ජැමෙයිකාව අවසන් සටනට කිට්‌ටු වෙයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ කුමාර් සංගක්‌කාර නායකත්වය දරන ජැමෙයිකා තල්වාස්‌ කණ්‌ඩායම තවත් තරග දෙකක්‌ ජය ගතහොත් අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත්වේ. මේ වන විට ක්‍රිස්‌ ගේල් ක්‍රීඩා කරන ශාන්ත කිට්‌ස්‌ පිල අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ජැමෙයිකා පිල ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම තීරණාත්මක තරගයකට …

Continue Reading

දේශීය ආදායම් බදු පනත සම්මතයි; 2018 අයවැයත් සූදානම්

දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද(07) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. කාරක සභා අවස්ථාවේ දී සිදුකළ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 90 ක් හා විරුද්ධව ඡන්ද 25 ක් හිමි වී තිබූ අතර ඒ අනුව දේශීය ආදායම් බදු පනත වැඩි ඡන්ද 65 කින් සම්මත වී ඇත. එසේම 2018 වසර සදහා වන අයවැය නොවැම්බර් මස 9 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන …

Continue Reading

බුදුදහමේ සඳහන් රෝග නිවාරණ ක්‍රම

රෝග නිවාරණය සහ චිකිත්සකක්‍රම අතර අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රායෝගිකව ක්‍රියාකළ අවස්‌ථා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. තිස්‌ස හිමියන් අධික ලෙස ගිලන්වූයේ මහලු බවද එකට මිශ්‍ර වීමෙනි. ලෙඩ යහනේදීම ශරීරයේ සැදුනු සැරව ගෙඩි නිසා අධික ලෙස පිළිකුල් ශරීරයකින් හොබනේ විය. zපූතිගත්ත තිස්‌ස යනුවෙන් විශේෂණ නාමයක්‌ද ඒනිසා පැටබැඳුණි. සියල්ලෝ තිස්‌ස තෙරුන් වෙතින් ඉවත් වූහ. පසුව උපස්‌ථායකයා බවට පත්වන්නේ ගෞතම බුදුරදුන් පමණි. යමෙක්‌ …

Continue Reading

ක්‍රිකට්‌ ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ පැවැත්වීමට නියමිතය. ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතුව සහ ඒ සඳහා ගත හැකි විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන්වන අතර එහිදී ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වගකීම පැවරිය …

Continue Reading

අනාගමික රාජ්‍ය සංකල්පය

රට තුළ වත්මනයේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන ලද මාතෘකාවක්‌ වන්නේ ගෙන ඒමට නියමිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබ`දව රටේ සබුද්ධික ජනයා වැඩි වශයෙන් කතා කරනු ලබන්නේ බෙදුම්වාදීන් හා අන්තවාදීන් සතුටු කරනු ලබන විධි විධාන රැසක්‌ මෙම ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමට දරන ප්‍රයත්නය නිසාවෙනි. එවැනි එක්‌ විධි විධානයක්‌ වන්නේ අනාගමික රාජ්‍ය සංකල්පයයි. අනාගමික යන වචනය බටහිර යුරෝපයේ බිහි …

Continue Reading

ආහාරයේ සංහිඳියාව රැකගනිමු

මේ වන විට අප සමාජය තුළ කාබනික (වසවිස නැති) ආහාර පිළිබඳ කතිකාවතක්‌ නිර්මාණය වී තිබේ. එය ඉතා හොඳ තත්ත්වයක්‌ වන අතර මේ වස විසෙන් තොර (කාබනික) ආහාර පිළිබඳ දැනුවත් ද යන්න පිළිබඳ සොයාබැලීම වටී. අපගේ ආහාරයට වසවිස එකතු විය හැකි ආකාර කිහිපයකි. ඉන් ප්‍රධාන වනුයේ ගොවිපළේදී එකතු වන වස විසයි. එනම් අප පාරිභෝජනය කරන ආහාර කෘමි සතුන්ගෙන් බේරාගැනීම සඳහා භාවිත …

Continue Reading

ගංගානම් සහ යමුනා ගංගාවලට හිමිකම් නැහැ

මිනිසුන්ට ඇති හිමිකම් ගංගාවන්ට නැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ගංගානම් සහ යමුනා ගංගාවන්ට එම හිමිකම නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්‌වා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවට හේතු වී ඇත්තේ ගංගා නම් නදියට හා යමුනා නදියට මිනිස්‌ හිමිකම් ඇති බව පහළ අධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දැමීමෙනි. මොහමඩ් සලීම් නමැති පෙත්සම්කරුවකු ඉදිරිපත් කළ පෙත්සමකින් මෙම ගංගාවන්ට හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි. ගංගානම් …

Continue Reading