හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වරදකරු කළ නඩු තීන්දුව ඉතිහාස ගත වෙයි

Spread the love

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද වරදකරුවෙකු කරමින් කොළඹ මහාධිකරණය මගින් අද දිනයේදී ලබාදී ඇති නඩු තීන්දුව අංශ කිහිපයකටම අදාළව සලකා බැලීමේදී ඉතා තීරණාත්මක මෙන්ම ඉතිහාසගත නඩු තීන්දුවක් ලෙසට ද සැලකිය හැකිය.

හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වගඋත්තරකරුවෙකු කරමින් මෙම නඩුව පවරා තිබුණේ නීතිපතිවරයා විසිනි. 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් සිල් රෙදි මිලට ගෙන ඡන්ද දායකයින් අතරේ බෙදාදීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය. සාමාන්‍ය සමාජය අතර සිල් රෙදි නඩුව ලෙස ප‍්‍රචලිතව පැවති මෙම නඩුවට අදාළ මූලික විමර්ශනයන් සිදුකරන ලද්දේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසිනි. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් විමර්ශනය කරන ලද ක‍්‍රියාවලියකට අදාළව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශිත පළමු නඩු තීන්දුව ලෙසට ද මෙම නඩු තීන්දුව හැ`දින්විය හැකිය.

නිසැක වශයෙන්ම මෙම නඩු තීන්දුවට පදනම් වූ කරුණ සැලකිය හැක්කේ මහජන මුදල් අවභාවිතා කිරීමක් ලෙසටය. එය එක්තරා අන්දමකින් මහජන මුදල් අවභාවිතා කිරීමකටත් වඩා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙසට ද හැදින්විය හැකිය. ඒ සියල්ලටමත් වඩා මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය මගින් රාජ්‍ය ආයතන අවභාවිතා කිරීමක් ලෙසට ද මෙම සිදුවීම හදුන්වා දියහැකිය. එහෙත් අප දන්නා ආකාරයට මෙම නඩු පැවරීමට පදනම වූයේ ඒ අතරින් එක් චෝදනාවක් පමණි. එනම් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම යන චෝදනාව පමණකි. ඒ අනුව නඩු තීන්දුවට පදනම් වූ චෝදනාවට අමතරව තවත් වැරදි කිහිපයක්ම ඒ තුළ නිසැකවම සිදුවී තිබේ.

ඒ සමගම අප තේරුම් ගතයුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මෙකී නඩු තීන්දුව හරහා වැරදි කරුවන් කර ඇති එක් පුද්ගලයෙක් වන්නේ එක්තරා කාලයක මේ රටේ ප‍්‍රධානතම රාජ්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇති පුද්ගලයෙකු වීමය. ඒ අනුව මෙම නඩු තීන්දුව කෙරෙහි පුද්ගල සාධක හෝ තනතුරක ඇති බලවත් භාවය යන කිසිවක් බලපා නැති බව ද පැහැදිළිව පෙනී යයි. එය ඉතා යහපත් ලක්ෂණයක් වනවා පමණක් නොව එමගින් මු`එමහත් සමාජයටම ලබාදී ඇති පූර්වාදර්ශය ද ඉතාමත් යහපත්ය.

මෙහිදී අප සලකා බැලියයුතු තවත් මානයක් ද තිබේ. එනම් මෙකී තීන්දුව මගින් වරදකරු කර ඇති එක් චරිතයක් වන ලලිත් වීරතුංග මහතා යනු ඔහුගේ වෘත්තීය සගයන් අතර මෙන්ම පොදුවේ බොහෝ රාජ්‍ය නිලධාරීන් අතර ප‍්‍රසාදයට ලක්ව සිටි අයෙක් වන අතරම ශ‍්‍රී ලංකා පරිපාලන ක්ෂේත‍්‍රයේ පලපුරුදු හා ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් ද වූ වගය. සත්‍යවශයෙන්ම ඔහුට එල්ල වී තිබූ චෝදනාවට අදාළව සැලකීමේදී ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ ජනාධිපති ලේකම් තනතුර දරමින් ඔහු විසින් සිදුකර ඇති අනෙකුත් බොහෝ වගකීම් සැලකීමේදී ද ඔහු සැලකිය හැක්කේ මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් ගොදුරක් බවට පත්කරගන්නා ලද තවත් එක් ප‍්‍රබල චරිතයක් ලෙසටය. එය එසේ වුවත් වරදෙහි ස්වභාවය තුළ පුද්ගල ස්වභාවයන් සැලකිල්ලට නොගැනීම හේතුවෙන් නීතිය හමුවේ ඔහු වරදකරුවෙක් වී තිබේ. එම තත්වය විශේෂයෙන්ම මේ රටේ පරිපාලන නිලධාරීන් ද ඇතුඑ රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ සියලූ දෙනාම ගැඹුරින් තේරුම්ගත යුතු තත්වයකි. එහෙත් එය තේරුම් ගැනීමේදී නිවැරදි හා බුද්ධිමත් ආකාරයට එය තේරුම් ගැනීම ද ඉතා වැදගත් වනු ඇත.

මක්නිසාද යත් රටක මහජන මුදල් භාවිතයේදී ඒ සදහා සුජාත භාවයක් ලැබෙන්නේ ලැබෙන නියෝග මතම හෝ මුදල් රෙගුලාසි වලට අනුකූල වීම නිසාම නොව හෘද සාක්ෂිය තුළින් ඒ ස`දහා ලැබෙන එකගත්වය මත වන නිසාය.

ඒ සමගම මෙකී නඩු තීන්දුව මගින් ලබා දී ඇති ඉතා වැදගත් සංඥාවක් ද තිබේ. එනම් නීතිය හමුවේ වරදක් වන කාරණයක දී කලක් මේ රටේ ප‍්‍රමුඛතම රාජ්‍ය නිලධාරියාව සිටි අයෙකුට පවා ද`ඩුවම් ලබාදෙන්නේ නම් දඩුවම් ලැබීමෙන් වැළකී සිටිය හැකි කිසිදු බලවතෙක් නොසිටිය හැකි බවය. එය යථාර්ථයක් වන්නට නම් මෙකී තත්වය මේ රටේ දේශපාලකයන්ට අදාළව ද ක‍්‍රියාත්මක වියයුතුව තිබේ. මෙම තීන්දුවෙන් පසු මේ රටේ යුක්තිගරුක හා නීතිගරුක ජනතාව බලා සිටින්නේ එම දිනය ද එළැඹෙන තුරුය.

-සුනිල් ජයසේකර-
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

RSL

Related Posts