ඇමතිගෙන් රතු එළි; ජනපතිගෙන් නියෝග

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ කටයුතු කිරීමට තීරණය කල බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යවරයා මෙසේ පවසා ඇත. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා අත්සන් තබන …

Continue Reading

මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 265ක ණය වාරිකයත් ලැබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාවය පළ කළ අමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය මුදලේ තුන්වැනි වාරිකය ඩොලර් මිලියන 265ක මුදල මෙරටට ලබාදීමට ඊයේ (08) තීරණය කර ඇත. වසර 2016 – 2019 කාලපරිච්ඡේදය ඇතුළත මේ ණය මුදල වාරික හයක් යටතේ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළ කෙරිණි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය අඩුකර ගැනීමට සහ විදේශ සංචිතය ඉහළ නංවා ගැනීමට …

Continue Reading

හම්බන්තොට වරාය අද සිට චීනයට; වසර 25ක බදු නිදහසක්‌

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කාර්යය අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරන බවට වාර්තාවේ. පාර්ලිමේන්තුවේ කමිටු කාර්යාලයකදී සිදු වන මෙම කටයුත්තට අගමැතිවරයා, වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා සහ චීන රජයේ නියෝජිතයන් එක්‌වනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය චීනයට භාරදීමේ කටයුත්ත වඩාත් නීත්‍යානුකූල කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට අති විශේෂ ගැසට්‌ පත්‍ර දෙකක්‌ද ඉදිරිපත් කර තිබිණි. ඒ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත …

Continue Reading

සියල්ල අභිබවමින් ‘ජනපතිට කියන්න’ ඊ ස්වාභිමානී රන් සම්මානය දිනාගනී

දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) මඟින් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීම අගය කිරීම සඳහා ආරම්භ කරන ලද ඊ ස්වාභිමානී රාජ්‍ය සම්මාන ප්‍රදානයට …

Continue Reading

බැඳුම්කර කොමිසම තව දිගුවෙයි

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජානාධිපති විමර්ශන කොමිශන් සභාවේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. දෙසැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින 23කින් මෙම කාලය දීර්ඝ කර තිබේ.

Continue Reading

සාකච්ඡා අසාර්ථකයි; දුම්රිය වර්ජනය දිග්ගැස්සෙයි!

දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද (07) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයද තීරණය කර තිබේ. මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔවූහු කියා සිටිති. මේ අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන …

Continue Reading

හදිසියේ බැසිල්ගෙන් ජනපතිට ඇමතුමක්! (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම වත්මන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කෙටි සංවාදයක් සිදුකොට ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. පසුගියදා අතුරලියේ රතන හිමියන් බැසිල් රාජපක්ෂ හමුවී ඇති අතර එහිදී රතන හිමියන්ගේ දුරකථනයෙන් බැසිල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා විනාඩි කිහිපයක සාකච්ඡාවක් සිදුකොට ඇත. එහිදී බැසිල් ජනාධිපතිවරයාට පවසා …

Continue Reading

ඡාවාරම් රැසක් එළියට! අමාත්‍යාංශ ලේකම් හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්‌ට!

ගල්ගමුවේ දළපූට්‌ටුවාගේ ඝාතනය සම්බන්ධව නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම සහ පිටරටින් නීති විරෝධීව ගෙනෙන ලද කුරුල්ලන් රැසක්‌ නිසි ක්‍රමවේදයකින් තොරව සිය ඥතියකුට ලබාදීම යන චෝදනා මත තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් නෙරපීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. විදෙස්‌ රටකින් නීති විරෝධීව ගෙන්වන ලද කුරුල්ලන් නිසි අවසරයකින් තොරව හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට …

Continue Reading

කවලම් තෙල් හේතුවෙන් ඩීසල් ඉල්ලුම කිලෝ ලීටර් 38,588 කින් අඩු වෙයි

බස්‌රථවලට සහ ලොරි රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීම නිසා ඩීසල් ඉල්ලුම කිලෝ ලීටර් 38,588 කින් අඩුවී භූමිතෙල් ඉල්ලුම කිලෝ ලීටර් 15,000 කින් ඉහළ ගොස්‌ ඇතැයි ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. බස්‌රථවලට සහ ලොරි රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් ලබාදීම නතර නොකළහොත් අදාළ පිරවුම්හල්වල හිමිකරුවන්ට එරෙහිව ජනවාරි මාසය වන විට පියවර ගෙන එකී පිරවුම්හල් …

Continue Reading

දිනේෂ් සහ වාසු ඇතුළු නායකයින් සහ පක්ෂ මහින්දගෙන් ගැලවෙන ලකුණු (Exclusive)

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂයේම පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් ක්‍රමිකව දුරස් වෙමින් ඔහුගෙන් ඉවත්වෙමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකරනු වෙනුවට එක් පවුලක ගැලවීමට සහ ආරක්ෂාව වෙනුවෙන් ඩීල් දමමින් කටයුතු කිරීම මෙම තත්වය උද්ගත වී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ නව වාමාංශික පෙරමුණේ නායක …

Continue Reading