හදිසියේ බැසිල්ගෙන් ජනපතිට ඇමතුමක්! (Exclusive)

Spread the love

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම වත්මන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කෙටි සංවාදයක් සිදුකොට ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

පසුගියදා අතුරලියේ රතන හිමියන් බැසිල් රාජපක්ෂ හමුවී ඇති අතර එහිදී රතන හිමියන්ගේ දුරකථනයෙන් බැසිල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා විනාඩි කිහිපයක සාකච්ඡාවක් සිදුකොට ඇත.

එහිදී බැසිල් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, තමා කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට විරුද්ධ නොමැති බවයි. තමා ඊට විරුද්ධ බවට මාධ්‍ය ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත්, තමාගේ සහ පක්ෂයේ නායකයා එකඟනම් තමා ඊට කිසිත් බාධාවක් නොකරන බවද බැසිල් ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත.

මෙහිදී බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලේ පෞද්ගලික උවමනා එපා කම් වෙනුවෙන් ශ්‍රීලනිපය දෙකඩ කිරීමට දරණ උත්සහය පිළිබඳව ජනාධිපතිවරයා බැසිල් වෙත වැඩි දෝෂාරෝපණයක් එල්ල කොට ඇත. ඇමරිකාවට පැන ගොස් හොරා කා ගත් දෙයක් කා ගෙන වෙනදෙයක් බලාගෙන ඉන්නේ නැතුව මෙහෙට ඇවිත් යළි පක්ෂය කඩන්න කල්ලි ගැස්සුවා යන චෝදනාව බැසිල්ට දැඩිව එල්ල වී ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති රාජපක්ෂ රෙජීමය ඉන් ගැලවීමට හෝ ජනපති මෛත්‍රීව පාලනයෙන් ගැලවීමට හෝ සැලසුම් සහගත මඟක් සොයමින් සිටින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

RSL

Related Posts