සහල් – පොල් රටින් ගෙන්වන්න කැබිනට්‌ අනුමැතිය

Spread the love

මහා භාණ්‌ඩාගාරයේ අධීක්‌ෂණය මත ඕනෑම පෞද්ගලික ආයතනයකට සහල් ආනයනය කිරීම සඳහා ඉඩ ලබාදීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

උත්සව සමයේ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

මේ අතර සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්‌ෂණය යටතේ මෙලෙස පොල් ආනයනය කෙරේ.

මෙයට අමතරව පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද ආනයනය කිරීමටද ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

අයහපත් කාලගුණය නිසා රටේ ආහාර නිෂ්පාදනය අඩු වීම පිළිබඳව පෙරේදා රැස්‌වූ ඇමැති මණ්‌ඩලය සාකච්ඡා කර ඇති අතර මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදන ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ක්‍රියාමාර්ග රැසක්‌ ගැනීමට ද එහිදී තීරණය වී ඇත.

RSL

Related Posts