ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් …

Continue Reading

ඇමතිටත් හොරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රට පටවන්න හදලා

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස්‌ බලා යැමට ඊයේ (05 දා) අලුයම සිදුවිය. මෙරට ක්‍රීඩා නීතිය අනූව සියලුම ජාතික කණ්‌ඩායම්වලට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිදු සංචාරයකට සහභාගිවීමට නොහැකිය. එම නීතිය දැන දැනත් වත්මන් ක්‍රිකට්‌ ප්‍රධානීන් ඉතිහාසයේ ප්‍රථම …

Continue Reading

උද්ඝෝෂකයින් පාලනයට පොලිස්‌ සුනඛයන් කරපටි නොමැතිව යවයි

නීතිවිරෝධී අන්දමින් සිදුකරන මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස්‌ සුනඛයන් පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස්‌ කර එම පෙළපාලිවලට යවන බව පොලිස්‌ ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ. මෙසේ කරපටිය නිදහස්‌ කර ඉදිරියට යවන පොලිස්‌ සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස්‌ බිරීමට පුරුදු කරන අතර යම් හෙයකින් එම පොලිස්‌ සුනඛයාට කිසිවකු ගල්මුල්වලින් පහරදීමට උත්සාහ ගන්නේ නම් එම පුද්ගලයා හෝ …

Continue Reading

විමල්ගේ වීරකුමාර පැන එන්න සැරසෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා කුප්‍රකට වීරවංශගෙන් මෙන්ම එම පක්ෂයෙන් මිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යහපාලන රජය සමඟ එක්වීමේ සියළු කටයුතු මේ වන සුදානම් බවට වාර්තාවේ. ඊට අදාළ ප්‍රවේශය ලබාගැනීම සඳහා අද දින විශේෂ මාධ්‍ය හමුවක් ඔහු පැවසුවේ රට දිනවීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ …

Continue Reading

ජනතාවට බදු බර පටවන පනත් 19ක්‌ හොරෙන්ම සම්මත කර ගන්න හදනවා- වෛද්‍ය පාදෙනිය

බියර් මිල පහළ දැමීමට මුවාවී අයවැයෙන් ජනතාවට බදු පැටවීම සඳහා හොර රහසේම අණ පනත් දහනවයක්‌ සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට මේ අයවැය සකස්‌ කර ඇති බවත්, සියලු බදු බර ජනතාවට පැටවීමට ආණ්‌ඩුව වක්‍රාකාරව කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය. රටේ තෙල් ටැංකි …

Continue Reading

අපි දුප්පත් ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනන රජයක් – ජනපති කියයි

වත්මන් යහපාලන රජය දිළිඳු ජනයාගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන වැඩකරන රජයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රජය සියලූ ආර්ථික සැලසුම් සම්පාදනය කරන්නේ දුප්පත් ජනතාවට වැඩි ප‍්‍රතිලාභයක් හිමිවන අයුරින් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට රජය කැපවී සිටින බව ද ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(04) …

Continue Reading

අතීතය අමතක කර රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයකට පුද්ගලික මාධ්‍යයේ සහය – අගමැති කියයි

ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමටත් රට නැවතත් රාජපක්ෂ යුගය කරා ගෙන ගොස් දූෂිත ගනු-දෙනු මඟින් මුදල් ඉපයීමටත් සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) පැවැසීය. පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් නිශ්ශබ්දව සිටිය දී රජයේ පරිපාලනය සහ සමහර සිවිල් සංවිධානවල සහයෝගය මත මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට අගමැති වික්‍රමසිංහ මහතා කීය. මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළ …

Continue Reading

යළි ඡන්දය කල් දැමීමේ ක්‍රමන්ත්‍රණයක්!

කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04) දින නියම කර තිබේ. එහිදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු අධිකරණයට දැනුම්දී ඇත්තේ අදාළ මැතිවරණය පවත්වන බවට රජය මෙතෙක් ප්‍රකාශ කර තිබුණ ද එය කල්දැමීමට විවිධ පාර්ශවයන් …

Continue Reading

මොරගහකන්ද විදුලි බල උත්පාදනයට සුදානම්

රජරට ජනතාවගේ සිහිනයක්‌ මල් පල ගන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා දායක කර ගනිමින් එහි පරීක්‍ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම පසුගිය 02 දා දහවල් සුබ මොහොතින් ජනපති අතින් සිදුවිය. පවතින අධික වැසි තත්ත්වයත් සමඟ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්‌ටමේ සිට මීටර් 178 ක ප්‍රමාණය …

Continue Reading

රජය ආපදා වන්දි ලෙස කෝටි 400ක් ගෙවයි

2017 වසරේ සිදු වූ ස්වාභාවික ආපදා සඳහා පමණක් රුපියල් කෝටි 400 ඉක්මවූ මුදලක් ජාතික ස්වාභාවික විපත් රක්ෂණ ආවරණය මඟින් විපතට පත් වූ අයට ගෙවා ඇතැයි ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සනත් සී. ද සිල්වා මහතා පවසයි. ඉකුත් 29 වැනිදා හටගත් දැඩි සුළං හා වැසි විපත නිසා දැනට ගෙවන්නට සිදු වී ඇති මුදල රුපියල් මිලියන 200 ඉක්මවයි. වසර මුලදී …

Continue Reading