විමල්ගේ වීරකුමාර පැන එන්න සැරසෙයි

Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා කුප්‍රකට වීරවංශගෙන් මෙන්ම එම පක්ෂයෙන් මිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යහපාලන රජය සමඟ එක්වීමේ සියළු කටයුතු මේ වන සුදානම් බවට වාර්තාවේ.

ඊට අදාළ ප්‍රවේශය ලබාගැනීම සඳහා අද දින විශේෂ මාධ්‍ය හමුවක් ඔහු පැවසුවේ රට දිනවීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව දේශපාලනයේ නිරත විය යුතු බවයි.

2015 ජනාධිපතිවරයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ බලවේග අදත් එතුමාගේ කීර්ති නාමයට හානි කරමින් සිටින බව ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සමගි වෙන්න එපා කිය කියා කෑ ගසන අය අද වන විට එක්ව හොර රහසේ වැඩ කරන බව පැවසූ වීරකුමාර මහතා, 2020 මැතිවරණයට බෙදී වෙන්ව ගොස් තරග කරන ආකාරය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය පිළිතුරු දිය යුතු බව ද කියා සිටියේය.

බෙදී වෙන්වීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වෙන්ව යන බවත් වාමාංශික බලවේගයන්ට ද එවැනි තත්ත්වයක් ඇති වන අතර ඒ තුළින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු වන බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

නායකයින්ට හැඟීම්වලින් කිසි විටෙකත් තීරණ ගත නොහැකි බවත් පැවසු වීරකුමාර මහතා ඔවුන් සෑම විටම ඔළුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ද පැවසීය.

අද ඇතැම් දේශපාලන චරිත දෙස බලා තමා මෙම තීරණය ගත් බව ද පැවසු වීරකුමාර මහතා මෙය අවසානය නොවන බවත් අනාගතයේ දී මෙය තවත් වෙනස් විය හැකි බව ද සඳහන් කළේය.

RSL

Related Posts