ජනතාවට බදු බර පටවන පනත් 19ක්‌ හොරෙන්ම සම්මත කර ගන්න හදනවා- වෛද්‍ය පාදෙනිය

Spread the love

බියර් මිල පහළ දැමීමට මුවාවී අයවැයෙන් ජනතාවට බදු පැටවීම සඳහා හොර රහසේම අණ පනත් දහනවයක්‌ සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට මේ අයවැය සකස්‌ කර ඇති බවත්, සියලු බදු බර ජනතාවට පැටවීමට ආණ්‌ඩුව වක්‍රාකාරව කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය.

රටේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමත්, සමස්‌ත ආර්ථිකයම විදේශීකරණයට යටත් කිරීමත්, සන්නිවේදන ජලයට බද්දක්‌ අය කිරීමත්, දේශීය ව්‍යාපාරිකයා පාරට ඇද දැමීමත්, දේශීය වෛද්‍ය ක්‍රමය ඉන්දියාවට බිලි දීමත් අයවැය මගින් වක්‍රාකාරව සිදු කර ඇති අතර සියලු බර රටේ ජනතාවට දැරීමට සිදු වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය සම්පත් විකිණීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බවද ඒ නිසා මේ ආණ්‌ඩුව ගෙනියන වැඩපිළිවෙළ නතර කිරීමට පක්‌ෂ භේදයෙන් තොරව එකතු විය යුතු බවද පාදෙනිය මහතා ඊයේ (04) විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදී පැවසීය.

RSL

Related Posts