යළි ඡන්දය කල් දැමීමේ ක්‍රමන්ත්‍රණයක්!

Spread the love

කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04) දින නියම කර තිබේ.

එහිදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු අධිකරණයට දැනුම්දී ඇත්තේ අදාළ මැතිවරණය පවත්වන බවට රජය මෙතෙක් ප්‍රකාශ කර තිබුණ ද එය කල්දැමීමට විවිධ පාර්ශවයන් සූදානමින් සිටින බවයි.

එම නිසා මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් තවමත් ස්ථීර තත්ත්වයක් උද්ගතවී නොමැති බැවින් පෙත්සම විභාගයට ගැනිමට දින නියම කරන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 27 වන දින සලකා බැලීමට තීරණය කර ඇත.

RSL

Related Posts