දිනේෂ් සහ වාසු ඇතුළු නායකයින් සහ පක්ෂ මහින්දගෙන් ගැලවෙන ලකුණු (Exclusive)

Spread the love

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂයේම පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් ක්‍රමිකව දුරස් වෙමින් ඔහුගෙන් ඉවත්වෙමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකරනු වෙනුවට එක් පවුලක ගැලවීමට සහ ආරක්ෂාව වෙනුවෙන් ඩීල් දමමින් කටයුතු කිරීම මෙම තත්වය උද්ගත වී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර යන මහත්වරුන් ඉදිරියේදී තම පක්ෂ ඒකාබද්ධයෙන් ගලවාගනිමින් ස්වාධීන වීමේ ක්‍රියාවලියකට අවතීරණය වීමේ වැඩි හැකියාවක් පවතින අතර ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රීලනිපයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීම සඳහා රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට වැඩිදුරටත් වාර්තාවේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ලේ පැවැති රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයට අයත් දේශපාලන පක්ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරු සහභාගි නොවීම අභ්‍යන්තර ඝට්ටනයන් පිටතට පෙන්නුම් කළ එක් සංඥාවක් වූ අතර එයින් එම රැස්වීමේ අසාර්ථකත්වය පෙන්නුම් කළ බව දේශපාලන විචාරකයෝ පවසති.

එසේම පොදුජන පෙරමුණේ සිය ප්‍රධානතම ප්‍රචාරක රැස්වීමට අපේක්ෂිත ජනතාවක් සහභාගී නොවීම සම්බන්ධයෙන් ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා දැඩි පීඩාවට ලක්ව ඇති බව සඳහන්.

RSL

Related Posts