‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’ – නීතිඥ සංගමයේ සභාපති
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ …
Continue Reading
බණ්ඩාරනායකවරුන්ගෙන් පසු බිහි වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂය
ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, එම දෙපලේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ආදී බණ්ඩාරනායකවරුන් තිදෙනෙකුම රාජ්‍ය නායකත්වය ඉසිලූ පක්ෂයකි. බණ්ඩාරනායකවරුන්ගෙන් පසු හිටපු ජනාධිපති …
Continue Reading
මහමැතිවරණයට එජාපෙය “හංසයා” ප්‍රමුඛ පුළුල් සන්ධානයකින්..!
ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන ප්‍රධාන සුළු පක්ෂ සමඟින් එක්ව මෙම නව සන්ධානය ගොඩනැඟීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන සිදුවෙමින් …
Continue Reading
එජාප හිටපු මන්ත්‍රී ජයම්පතිගේ ව්‍යවස්ථාවේ හිල්; එජාප මන්ත්‍රීවරු ඇතුළු නීතිවේදීන්ගෙන් චෝදනා
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ප්‍රවීන ව්‍යවස්ථා සහ නීති විශාරදයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ මූලිකත්වයෙන් සකස් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති හිල් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන් ඇතුළු නීතිවේදීන්ගෙන් මේ වන විට බරපතල චෝදනා එල්ල වෙමින් පවතින් බවට වාර්තාවේ. විධායක ජනාධිපතිවරයාගේ තනතුර බෙලහීන දුර්වල තත්වයට පත්කොට අග්‍රාමාත්‍යධුරය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු සඳහා වන බවට …
Continue Reading
පාර්ලිමේන්තු මහමැතිවරණය අවලංගු විය හැකි ලකුණු..!
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් හදිසියේම ඊයේ(09) මධ්‍යහ්න රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට ව්‍යවස්ථා විරෝධී බවත් ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට මේ වන විට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන කටයුතු කරමින් සිටී. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත්, ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් …
Continue Reading
ඇමරිකාව දැඩි අවදානයෙන්..!
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් පසුවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිතුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන බව ඔවුන් පෙන්වාදෙන්නේය. ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය හා සමෘද්ධිය ඇති කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇති බව ද අමෙරිකානු රාජ්‍ය …
Continue Reading
මහමැතිවරණයකට එජාපයේ විරෝධය
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහමැතිවරණයක් කැඳවීමට තීරණය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ අනුව අද මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගියහ. ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ …
Continue Reading
ජනපති පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සුදානම්! ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි!
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සූදානම් බව ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ සඳහා අද රාත්‍රී 8.30 ට පමණ ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතව ඇති අතර එය මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත …
Continue Reading
හිටපු ඇමති රවීගේ දුවගෙන් ප්‍රශ්න කිරීම CIDයට අධිකරණ නියෝගයක්
රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා(11) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග නිකුත් කර තිබේ. මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් …
Continue Reading
විමල්ටත් නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක්; තවත් අමාත්‍යධුර 24ක් පුරප්පාඩුයි
නව රජයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ අද(09) පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් තිබේ. ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 24 ක්ව පවතියි. මේ අනුව තවත් කැබිනට් අමාත්‍යධුර 08 ක් සහ නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යධුර 16ක් ඇතුළුව පුරප්පාඩුව පවතින ඇමති ධුර සංඛ්‍යාව 24 කි.
Continue Reading