මහමැතිවරණයට එජාපෙය “හංසයා” ප්‍රමුඛ පුළුල් සන්ධානයකින්..!

Spread the love

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන ප්‍රධාන සුළු පක්ෂ සමඟින් එක්ව මෙම නව සන්ධානය ගොඩනැඟීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන සිදුවෙමින් පවතී.

පාර්ලිමේන්තුව විවෘත කරගැනීම සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරගැනීම එක්වූ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එම ගැම්මෙන්ම මේ සඳහාද දායක කරගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තැරැව්කාර දේශපාලඥයින්ගේ අභිප්‍රාය වී ඇතැයි වාර්තාවේ. ගෙවුනු වසර 4කට ආසන්න කාලයක් තුළ රටේ ජනතාවට හෝ තම පාක්ෂිකයින් වෙනුවෙන් දැනෙන යමක් කිරීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ තනිව සුළු කණ්ඩායමක් සමඟින් මහමැතිවරණයකට මුහුණ දීමට යෑම දැඩි අසීරු කටයුත්තක් බව බහුතරයකගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එජාපය මේ වන විට 2015 ජන බලවේගයට සම්බන්ධ පිරිස් සමඟ නිල නොවන මට්ටමින් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ඔවුන් කොන්දේසි කිහිපයකට යටත්ව එකඟවීමට කැමැත්ත පළ කර තිබේ. එයින් ප්‍රධාන කොන්දේසි දෙකක් වී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ නිල සලකුණ වන “අලියා” වෙනුවට “හංසයා” හෝ වෙනත් පොදු ලකුණක් යටතේ තරඟ කිරීම, වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙනුවට පිළිගත හැකි වෙනත් පොදු අපේක්ෂයෙකු අග්‍රාමාත්‍යධුර අපේක්ෂකයා සහ නායකයා ලෙස නම් කිරීමයි.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා හොඳ අනුකූලතාවයක් දක්වා ඇති අතර ඉදිරියේදී පක්ෂයේ කෘර්තෘධීකාරී මණ්ඩලය සමඟද සාකච්ඡා කර තීන්දුවක් ලබාදීමට එකඟ වී ඇත.

RSL

Related Posts