පාර්ලිමේන්තු මහමැතිවරණය අවලංගු විය හැකි ලකුණු..!

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදිසියේම ඊයේ(09) මධ්‍යහ්න රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට ව්‍යවස්ථා විරෝධී බවත් ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට මේ වන විට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන කටයුතු කරමින් සිටී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත්, ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම දේශපාලන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීමට ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කිරීමටත් එරෙහිව ඔවුන් අධිකරණය, මැතිවරණ කොමිසම් සභාව ඇතුළු පිහිට පැතිය හැකි ආයතනවල සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවට වාර්තාවේ.

එලඹෙන සඳුදා (12) දින ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කිහිපයක්ම ගොනු වීමට නියමිත අතර එහි තීන්දුව ඉතා කඩිනමින් ලැබෙනු ඇතැයිද ඔවුන් විශ්වාසය කළ කරති.

ව්‍යවස්ථා විශාරදයින් බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගේ මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගත් තීන්දුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව සඳහන් කරති.

එවැනි පසුබිමක් තුළ ග්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථා විරෝධී යැයි තීන්දුකොට තීරණයක් ලබාදුන හොත් ප්‍රජාත්‍රන්තවාදී ලෙස ජනාධිපතිවරයා එය පිළිගතහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලරහිත වෙමින් මහමැතිවරණයක් පැවැත්වීම තාවකාලිකව අවලංගු වනු ඇත. මැතිවරණ නොපවත්වා එය වැලැක්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර මැතිවරණ පවත්වා ජනමතය උරගා බැලීම නිතී විරෝධි දෙයක් නොවීම එක් අතකින් ජනාධිපතිවරයාගේ තීරණය සාධාරණීකරණයට හේතුවක් වනු ඇත.

කෙසේ වෙතත් අධිකරණය විසින් ලබාදෙන නඩු තීන්දුව විධායක ජනාධිපතිවරයාට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවද පවතින අතර ඒ සඳහා ඉතිහාසයේ උදාහරණ තිබෙන අතර ඊට මෑතකදී ලබාදිය හැකි උදාහරණය නම් පසුගිය රාජපක්ෂ රජය සමයේ ඉන්ධන මිල අඩුකරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ විභාග වූ නඩුවේදී ඉන්ධන මිල පහත හෙලන ලෙස මුදල් අමාත්‍යවරයා වූ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් තීන්දුව ඔහු විසින් නොසලකා හැරීමයි.

RSL

Related Posts