හිටපු ඇමති රවීගේ දුවගෙන් ප්‍රශ්න කිරීම CIDයට අධිකරණ නියෝගයක්

Spread the love

රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා(11) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග නිකුත් කර තිබේ.

මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබුණි.

ඒ අනුව පසුගිය පස්වනදා ප්‍රකාශයක් ලබාදීමට ඇය රහස් පොලිසිය වෙත ගිය බවත් ඇය සමඟ ඇගේ නීතිඥවරුන්ට රහස් පොලිස් කාර්යාලය තුළ යාමට අවසර නොදීම හේතුවෙන් තම සේවාදායිකාව ආපසු හැරී පැමිණි බව ද ඇයගේ නීතිඥවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිලි කර සිටියේය.

එවිට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එදින පෙරවරු 9.30 ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණෙන මෙන් ඔනිලා කරුණානායක නමැත්තියට දැනුම් දී තිබුනු බවයි.

එහෙත් ඇය එදින පෙරවරු 9.08 ට රහස් පොලිස් කාර්යාලයට පැමිණ ආපසු හැරී ගොස් තිබූ නිසා ප්‍රකාශය සටන් කර ගැනීමට නොහැකි වූ බව රහ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔනිලා කරුණානායක නමැත්තියට සියලු ලේඛන සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ නියෝගයක් නිකුත් කළේය.

RSL

Related Posts