අලුත් මෙහෙයුමකට බැසිල්ගෙන් වෙනම බලකායක්!

හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්‍රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය පළාත් පාලන ජයග්‍රහණය පෙන්වමින් සංවිධාන යාන්ත්‍රණයට අමතරව සම්පුර්ණ දේශපාලන යාන්ත්‍රණයද සියතට ගත් බැසිල් රාජපක්ෂ මේ වන තම …

Continue Reading

මහින්දට බැරිදේ, රනිල්ට පුළුවන් (Video)

මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. මහින්දට බහුතරය නැතැයි ක්‍ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ යටත්විජිත හේරත් ලා දැන් රනිල්ට බහුතරය නැතැයි එජාපයම පවසද්දී විශ්වාස භංග ගේනනේ නැතැයිද කියා සිටියේය. ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය …

Continue Reading

රට රකින්න නම් මෛත්‍රී-මහින්ද සන්ධානය කඩිනමින් ගොඩනැගිය යුතුයි (වීඩියෝ)

දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ – දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා …

Continue Reading

නාමල්, විමල් හා ශෂී CID යට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මේ නඩුව …

Continue Reading

එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!

තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …

Continue Reading

ගැසට් නිවේදනය තවමත් වලංගුයි; පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට නීත්‍යානුකූල අයිතියක් නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂය නිවේදනය කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (14) දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී විම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිමෙන් පසු තීරණයක් ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. …

Continue Reading

විමල්ටත් නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක්; තවත් අමාත්‍යධුර 24ක් පුරප්පාඩුයි

නව රජයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ අද(09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් තිබේ. ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 24 ක්ව පවතියි. මේ අනුව තවත් කැබිනට් අමාත්‍යධුර 08 ක් සහ නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යධුර 16ක් ඇතුළුව පුරප්පාඩුව පවතින ඇමති ධුර සංඛ්‍යාව 24 කි.

Continue Reading

සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ …

Continue Reading

“මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි

වත්මන් “මෛත්‍රී-රනිල්” ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට වසරක පමණ කාලයක් ඉතිරිව තිබියදී “මෛත්‍රී-මහින්ද” සුසංයෝගයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා සිදුවන බවට සඳහන් වූ මාධ්‍ය වාර්තාවේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ(07) මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම 16 කල්ලියේ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී.දිසානායකගේ නිවසේ පැවති බව සඳහන් වූ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අද …

Continue Reading

බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!

රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවමුයි කියමින් සෙසු අය කුලප්පු කරමින් ඊට කඩේයෑමට විමල් සහ වාසුදේව යන මන්ත්‍රීවරුන් දරනා …

Continue Reading