කිසිඳු හදිසි තත්වයක් නොමැතිව සියලු දිස්ත්‍රික්ක වෙත හමුදාව යොදවයි..! ජනපති ගෝඨාභය මේ සැරසෙන්නේ හමුදා පාලනයකට අවැසි මානසිකත්වය සැකසීමටද..?
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් යැ’යි සඳහන් කරමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළ මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට …
Continue Reading
ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නැහැ – හමුදාපති අවධාරණය කරයි (වීඩියෝ)
ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ(16) මාධ්‍ය හමුවක් කැඳවමිනි. මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුදාපතිවරයාට දුන් දුරකතන ඇමතුම පිළිබඳව විමසූහ. ඊට පිළිතුරු ලබා දෙමින් හමුදාපතිවරයා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමාට දුරකතන ඇමතුමක් ලබා දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් …
Continue Reading
යුද හමුදාව බලය යෙදෙව්වොත් යම් යම් ප්‍රශ්න ඇති වේවි – යුද හමුදාපති
නීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. මේ වන විට රට තුළ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්ව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. එසේම ගැටුම් ඇතිව තිබෙන ප්‍රදේශවලට ත්‍රිවිධ …
Continue Reading
පාතාල මර්දනයට STFකැපවීම සමඟින් ජනපතිගේ නිර්භීත තීන්දුව හමුදාපතිත් අගයයි
පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය. මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන …
Continue Reading
ත්‍රිවිධ හමුදාව කරන සේවය අන්තවාදී දේශපාලකයන්ට මහඟු ආදර්ශයක්
අද වනවිට උතුරු පළාතේ විපතට පත්ව සිටින ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදුකරන සේවය අන්තවාදීව කතා කරන දේශපාලකයන්ට මහඟු ආදර්ශයක් බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ. උතුරට විපත්තිදායක තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. ඉතින් අන්තවාදී දේශපාලකයන් සඳහන් කළා යුද හමුදාව අයින් කරන්න. යුදහමුදා කඳවුරු ඉවත් කරන්න කියා. අද ටී.එන්.ඒ. එකවත්, ආවා කල්ලියෙන්වත් නොවෙයි විපතට පත්වූ ද්‍රවිඩ …
Continue Reading
මහ වැස්සෙන් උතුරේ 54,819ක් පීඩාවට; හමුදාවේ දහසකට වැඩි පිරිසක් විපතට පත් ජනතාවගේ පිහිටට
උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර, වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 16872 කට අයත් පුද්ගලයින් 54819 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු …
Continue Reading
මංගල කැබිනට්ටුවේදී 99න් බේරෙයි!
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය වචන වලින් එහා නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් පක්ෂව කතා කළ යුතු බවට හැගෙන ආකාරයේ …
Continue Reading
යුද හමුදාවෙන් අලුත් මෙහෙයුමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන පැරණි වාරි තාක්ෂණයද භාවිත කරමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළේ ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිවයි. සිරිසර පිවිසුම ව්‍යාපෘතිය නම් වන මේ සඳහා ශ්‍රම දායකත්වය සපයන්නේ යුද්ධය නිමාකිරීමට උරදුන් ශ්‍රී ලංකා යුද හමුදාවයි. ව්‍යෘපෘතිය සවිබලගන්වන ශ්‍රී ලංකා යුධ හමුදාව මේ ව්‍යාපෘතියට සක්‍රිය …
Continue Reading
මහනුවර ගැටුම මෙතරම් ඇවිලීයාමට ඇත්ත හේතුව හමුදාපති හෙළිකරයි (Video)
මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද(09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. 30 වසරක් පුරා පැවති යුද්ධයෙන් හමුදා නිලධාරීන් 28,000 ක් මිය ගිය බවත්, 50,000 ක් පමණ තුවාල ලැබු අතර 20,000 ක් පමණ පූර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට …
Continue Reading
හමුදා නිල ඇඳුමෙන් ‘ෆේස්බුක්’ සහ ‘අන්තර්ජාල’ භාවිතය සපුරා තහනම්
ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුද්ධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය. ගුවන් සහ නාවික හමුදාවලද එම නීතිය පනවා ඇත. මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පනවන ලද …
Continue Reading