කිසිඳු හදිසි තත්වයක් නොමැතිව සියලු දිස්ත්‍රික්ක වෙත හමුදාව යොදවයි..! ජනපති ගෝඨාභය මේ සැරසෙන්නේ හමුදා පාලනයකට අවැසි මානසිකත්වය සැකසීමටද..?

Spread the love

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් යැ’යි සඳහන් කරමින් සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළ මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කර ඇත.

තැන තැන හංසයාට ඡන්දය දුන් ජනතාව ඉලක්ක කර පොහොට්ටු මැරයන් පහරදීම් කිහිපයක් සිදුකර ඇති නමුත් රට පුරා හමුදාව යෙදවීමට තරම් අනාරක්ෂිත තත්ත්වයක් එක්වරම රටේ පැන නැගුනේ කෙසේද යන්න සාමය ලැදි ජනතාව විමසති. ගෝඨාභය ජයගතහොත් හමුදා පාලනයට රට යොමුවන බවට ඡන්දයට පෙර බොහෝ විද්වතුන් විචාරකයන් අනතුරු අඟවා සිටියහ.

මෙලෙස අහේතුවක රට පුරා රාජකාරී සඳහා හමුදාව යෙදවීමෙන් ජනතාව තුල පෙර පැවතියාටත් වඩා භීතියක් ඇති කිරීමටද උත්සහ ගන්නවාදැ’යි යන සැකය මතුවන අතර ඊට අදාළ මූලික ප්‍රවේශය තවදුරටත් පාස්කු ප්‍රහාරය දඩමීමා කරගනිමින් ගන්නා බවක්ද පෙනී යයි.

RSL

Related Posts