කොහෙවත් සිටි අය ඇමතිවරු වෙද්දී ගෝඨාභය ජනපති කරන්න රෙදි නැතිව කඩේ ගිය ගම්මන්පිලට මුකුත් නැති තැන හිතේ දුකට රාජපක්ෂවරු දෙපල වෙත ලියූ කතාන්දරය

Spread the love

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු කිරීම සඳහා 2016 වසරේදී ඇරඹි ව්‍යාපෘතියේ සිටි කිහිපදෙනා අතරේ ප්‍රධාන සාමාජිකයෙකු වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇමතිකමක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ සටන අද(22) හිමිදිරි පාන්දර පරාජිතව අත්හැර දැමීමට ඔහුට සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ජනපති ගෝඨාභය, අගමැති මහින්ද, සංවිධායක බැසිල් යන තුන් බෑ රාජපක්ෂවරුන් ඉදිරියේ දැඩි ඇවටිලි කිරීම් කළද එම සියලු උත්සහයන් අසාර්ථක වුණු තැන තමාට මෙම දින 100යේ කැබිනට්ටුවේ ඇමතිධුරයක් අනවශ්‍ය බව පවසමින් දුකට සිත සනසාලන කතාන්දරයක් නිවේදනයක් ලෙස නිකුත් කොට ඇති බවක් පෙනීයයි.

එදා මෙදා තුර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු කිරීමේ සටනේ අහලකවත් නොසිටි ඩග්ලස් දේවානන්ද, ආරුන්ගමන් තොන්ඩමාන්, මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වෙද්දී, අව්වේ වැස්සේ අගුවේ පිලේ රෙදි නැතිව කඩේ ගිය පක්ෂ නායකයෙකු වූ උදය ගම්මන්පිලට සුළු හෝ ඇමතිකමක් වත් නොලැබී යාමට බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි තීරණයක් හේතු වී ඇති බවටද වාර්තාවේ.

උදය ගම්මන්පිල සමඟ එක්ව එක් සිත්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම වෙනුවෙන් කඩේ ගිය විමල් වීරවංශ මහතා තමාට නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය ලබාදෙන ලෙසට සිදුකළ ඉල්ලීමද රාජපක්ෂවරුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇති අතර පක්ෂ නායකයෙකු මෙන්ම ඉදිරිපෙළ දේශපාලඥයෙකු වන විමල්ට ලබාදී ඇත්තේ කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන යන කුඩා අමාත්‍යංශයකි.

අවසානයේ සිතේ දුකට උදය ගම්මන්පිල මහතා ජනාධිපති සහ අගමැති රාජපක්ෂවරුන් දෙපළ වෙත යොමු කොට ඇති ලිපිය පහත දැක්වේ.

RSL

Related Posts