ගොන් මැටි සජියාගේ අංචි කල්ලියේ චෝදනාවට විපක්ෂ නායක රනිල්ගෙන් පිළිතුරු (වීඩියෝ)

Spread the love

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ජ්‍යේෂ්ඨයින් බහුතරයක් එපා කියද්දී හදිසි බලතණ්ණාවට ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් කොල්ලකමින් ඉල්ලන් කෑ සජිත් ප්‍රමුඛ සජිත්ගේ අංචි කල්ලිය මේ වන විට තම නිරුවත වසා ගැනීම වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨයින්ට චෝදනා කරමින් යති.

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියේය‍.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු හිටපු අගමැතිවරයා, ඒ අනුව අනෙක් පක්ෂවල කැමැත්ත මත ජනාධිපතිවරණයට ගිය බවත් පැවසීය.

මෙම යාන්ත්‍රණය හා සිරිකොත එම වැඩකටයුතු කළ බවට තමාට සහතික විය හැකි බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණය අඩපණ කළා යැයි පැවසෙන චෝදනා තමාගෙන් හෝ තමා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය තුළින් සිදු නොවුවක් බවද සඳහන් කළේය.

තම ප්‍රධාන මැති ඇමතිවරුන් සියලු දෙනා ජනාධිපතිවරණය වෙනුවෙන්, විවිධ වැඩකටයුතු බාර ගත් බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා තමා බාර ගනු ලැබුවේ උතුරු නැගෙනිහර ඡන්ද ප්‍රමාණය වැඩි කිරීම බවත් එම ඡන්ද ප්‍රතිශතය වැඩි කිරිමට හැකියාව ලැබුණ බවත් පැවසීය.

නමුත් අවාසනාවකට දකුණේ ඡන්ද ප්‍රමාණය අඩු වු බවත් කියා සිටි ඒ මහතා, එය මෙම පරාජයට හේතුවු බවත් කියා සිටියේය.

සිංහල, බෞද්ධ ඡන්ද පදනම නොමැති වීම, මීට පෙර පක්ෂයට සිදුව නොමැති වී නැතැයි කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලිය යුතු බවත් පැවසීය.

මෙයට ඇඟිලි දිගු කරමින් චෝදනා කර සිටීම සාර්ථක වැඩ පිළිවෙලක් නොවන බවත්, පක්ෂයට හෝ නිලධාරීන්ට මුල්‍ය කටයුතු පිළිබඳ කිසිදු වගකීමක් නොතිබුණ බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

මූල්‍ය කටයුතු තමා බාර නොගත් බැවින් ඒ සම්බන්ධයෙන් ඇති චෝදනාද තමා ප්‍රතික්ෂේප කරන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂය පිළිබඳ චෝදනා කරන්නේ නම් විභාග කර ඒවා අසත්‍ය නම් ඒ ගැන තදින් කටයුතු කළ යුතු බවත් පැවසීය.

පක්ෂයේ අනාගතය ගැන සිතා නව නායකයින් ඉදිරිපත් කිරිමට ඉඩ තැබිය යුතු බවත්, ඔවුන්ට නව ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, එයින් දිනන නායකත්වයක් ඇති කිරීමට ඇති බවත් කියා සිටියේය.

බෞද්ධයෙක් ලෙස කළ යුතුව ඇත්තේ, වැරද්දක් සිදුවු විට එය ඇඟිල්ල දික් කිරිමට නොව එය වටහා ගැනීම කළ යුතු බවත් බෞද්ධයන් ලෙස ඒ නිවැරදි ප්‍රතිපත්ති වටහා ගැනීම තුළින් ඉදිරියට ගමන් කිරීමට ඉඩ ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ ගැන අවධානය යොමු කරමින් සංඝ රතනයේ, ආශිර්වාදය ද ලබා ගනිමින් නව එක්සත් ජාතික පක්ෂයක් ලෙස ඉදිරියට යා යුතු බවත් එතෙම හිටපු අගමැතිවරයා කියා සිටියේය.

RSL

Related Posts