මහ මැතිවරණයෙන් පසු ලොකු වන දැනට පුංචියට මවා පෙන්වන ජනපති ගෝඨාභයගේ වියපත් කැබිනට්ටුව..(වීඩියෝ)

Spread the love

මහ මැතිවරණයට යන තෙක් ජනතාවට සියල්ලටම වඩා පරමාදර්ශී ලෙස කටයුතු කිරීමට උත්සහ ගන්නා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ පළමු කැබිනට්ටුව අද(22) 16 දෙනෙකුට සීමා කරමින් පත්කළ ද මහ මැතිවරණයෙන් පසු එහි ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 80 ත් 110 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට වාර්තාවේ.

පළමු කැබිනට්ටුව දස දෙනෙකුට සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින් අදහස් කළද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊට අනුකූලතාවය දක්වා නොමැති අතර පසුව එය 16 දෙනෙකුට සීමා කිරීමට තීරණය කර ඇත. ජනතාව අන්දවමින් ඔවුන්ගෙන් ලකුණු ලබාගැනීම වෙනුවෙන් ඉදිරි මාස 4ක කාලය ගෙවා දැමීමට මෙම කැබිනට්ටුව පත් කර ඇත.

එසේම මෙම කැබිට්ටුව දෙස බැලු කළ හොඳින්ම පෙනී යන කරුණක් නම් වියත් මඟින් ගමන් ඇරඹි ගෝඨාභය තම පළමු කැබිනට්ටුව ලෙස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් තොර “වියපත්” කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමයි. ඔහු තම ජනාධිපතිවරණ ව්‍යාපාරය පුරාවට සඳහන් කළේ තරුණ, උගත් ඇමති මණ්ඩලයක් රට ගොඩනැඟීම වෙනුවෙන් පත් කර ගන්නා බවයි. නමුත් මේ වන විට ජනපති ගෝඨාභය දැන් හෝ නොදැන තත්වය වෙනස් වෙමින් පවතී.

කැබිනට් අමාත්‍යධුර හිමි වූ අමාත්‍යවරුන් සහ විෂයන් මෙසේය.

  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස අමාත්‍ය
  • නිමල් සිරිපාල මහතා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  • ආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය
  • දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය
  • ඩග්ලස් දේවානන්දා මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
  • පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂන හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය
  • ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  • බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
  • චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික කටයුතු, වාරිමාර්ග, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
  • ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග, මහා මාර්ග හා වරාය කටයුතු අමාත්‍ය
  • විමල් වීරවංශ මහතා කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍ය
  • මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය
  • එස්.එම්. චන්ද්‍රසේන මහතා තිරසර හා වනජීවීල ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය.
  • වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය
  • ප්‍රසන්න රණතුංග මහතා කාර්මික අපනයන, ආයොජන ප්‍රවර්ධන, සංචාරක අමාත්‍ය

RSL

Related Posts