ත්‍රිවිධ හමුදාව කරන සේවය අන්තවාදී දේශපාලකයන්ට මහඟු ආදර්ශයක්

Spread the love

අද වනවිට උතුරු පළාතේ විපතට පත්ව සිටින ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදුකරන සේවය අන්තවාදීව කතා කරන දේශපාලකයන්ට මහඟු ආදර්ශයක් බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ.

උතුරට විපත්තිදායක තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. ඉතින් අන්තවාදී දේශපාලකයන් සඳහන් කළා යුද හමුදාව අයින් කරන්න. යුදහමුදා කඳවුරු ඉවත් කරන්න කියා. අද ටී.එන්.ඒ. එකවත්, ආවා කල්ලියෙන්වත් නොවෙයි විපතට පත්වූ ද්‍රවිඩ ජනයා මුදාගැනීමට, ඒ ජීවිත බේරා ගැනීමට ඒ මහා ජල කඳට බැහැලා මිනිස්සු කරේ තියාගෙන ගොඩට අරගෙන ආවේ. ඒ අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් පමණයි. ඒ නිසා ඔවුන්ට දිරිය දෙන්න, ශක්තිය දෙන්න මෙවැනි මහා පින්කම් සිදු කරමින් ආශීර්වාද පුද කරනවා. ඒ වගේම විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට ආශීර්වාද ප්‍රාර්ථනා කරන බව සඳහන් කළ නාහිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවැසූහ.

රට වෙනුවෙන් ජීවිත පුදකළ සියලු දෙනාටත් හින්දු, කතෝලික, ඉස්ලාම් සියලු ජන වර්ගයාටත් පින් පෙත් අනුමෝදන් කරනවා. ලබන වසර විපත්තිවලින් තොර සම්පත්ති ලබා ගන්න පුළුවන් වර්ෂයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුදු දහමවත්, ජේසුස් වහන්සේවත්, නබිනායකතුමාවත්, හින්දු ආගමේවත් කිසිම වෙලාවක සංහිඳියාවෙන් තොරව දේශනා කර නෑ. සියලු දෙනාම කීවේ සහජීවනයෙන් ජීවත් වෙන්න. ඒ වගේම අනේ‍යාන්‍ය සුහදත්වයෙන් හා ළෙන්ගතුකමින් ජිවත් වෙන්නට, වෛරයෙන් අෑත් වෙන්නට තමයි සෑම ආගමක්ම දේශනා කළේ. නමුත් සමහර ආගම්වල ඉන්න ඇතැම් අය ඒවා වෙනස් කරමින් පවතිනවා.

එම නිසා ඒ අයගේ ප්‍රාර්ථනාව නොවෙයි මීට අවුරුදු දෙදාස් ගාණකට පෙර මිහිඳු මාහිමියන් මෙන්ම ජේසුස් වහන්සේ, හින්දු ආගමෙන්, ඉස්ලාම් ආගමෙන් සංහිඳියාවෙන් මානව වර්ගයාට ජීවත් වන්නට දේශනා කළා. නිදහසේ ආගම් ඇදහීමට අවශ්‍යයි. කිසිම ආගමකට ගරහන්නට කියා කොතැනකවත් සඳහන් වෙලා නෑ. නමුත් අන්තවාදී කොටස් එකතුවෙලා තමයි වර්තමානයේ මේ තත්ත්වය ඇති කරලා තිබෙන්නේ යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් නොවෙයි අපට ඉස්සරලම හඳුන්වා දුන්නේ බුදු දහම, කිතු දහම, ඉස්ලාම් දහම, හින්දු දහම තමයි මිනිස්සු පෝෂණය කළේ. සංවර කළේ, නීතිරීති ගෙනාවේ. නමුත් අද අන්තවාදී දේශපාලනඥයන් තමයි අද ආගම් විවිධ විදියට හරවාගෙන දේශපාලන වර්ගවාදී විදියට කොටස් කර ගෙන තියෙන්නේ. ඒ නිසා ඒවගෙන් මිදිලා මේ උතුම් නත්තල සමරන වෙලාවේ සෑම දෙනාටම සංහිඳියාවෙන් ජීවත්වන්නට වාසනාව උදා වේවායි කියා ප්‍රාර්ථනා කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

RSL

Related Posts