පොලිසිය ඩීල් සහ ජාවාරම්කරුවන්ගෙන් ගලවාගෙන ජනපති යටතට ගැනීමේ රහස සහ වෙනස

Spread the love

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිඛෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2018 ජනවාරි 01 දා සිට සිට ඔක්තෝබර් 31 වනදා දක්වා මාස 10 ක කාලය තුළ දී අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 184.6 ක ප්‍රමාණයක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබන, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ විශේෂ වැඩසටහනට අනුව නොවැම්බර් 01 දා සිට මේ දක්වා මාස 02කට ආසන්න කාලය තුළ දී පමණක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 280 ක් අඩඅංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති අතර අදාළ සැකකරුවන්ට නඩු පැවරීමට ද පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස 02 ක කාලය තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 15,530 ක් පමණ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මත්ද්‍රව්‍ය උවදුරෙන් මතු පරපුර නිදහස් කර ගැනීම උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් මේ වන විට පුළුල් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිඛෙන අතර එම වැඩසටහන් ජනාධිපතිවරයා විසින් නිරතුරු පසුවිපරමට ලක් කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු ඉඩක් නොතබා එය මර්දනයට අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන අතර, එහි දී නීතිය කාර්යක්ෂමව සහ දැඩිව කි්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල අදාළ ආයතන සහ නිලධාරින් වෙත පවරාදීමට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය ද මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනමින් සිදු වෙමින් පවතින බව ද නිවේදනයේ දැක්වෙයි.

RSL

Related Posts