යුද හමුදාවෙන් අලුත් මෙහෙයුමක්

Spread the love

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන පැරණි වාරි තාක්ෂණයද භාවිත කරමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළේ ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිවයි.

සිරිසර පිවිසුම ව්‍යාපෘතිය නම් වන මේ සඳහා ශ්‍රම දායකත්වය සපයන්නේ යුද්ධය නිමාකිරීමට උරදුන් ශ්‍රී ලංකා යුද හමුදාවයි.

ව්‍යෘපෘතිය සවිබලගන්වන ශ්‍රී ලංකා යුධ හමුදාව මේ ව්‍යාපෘතියට සක්‍රිය දායකත්වයක් සපයන්නේ ජාතිය ගොඩනැගීමේ කාර්යයේදී තුනෙන් එකක ක්‍රියාකාරිත්වයක් ලබා දිය යුතුය යන යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ දැක්මට අනූව යමින්.

ඒ අනූව භූමියේ සියළු ප්‍රතිසංස්කරණ සදහා යුධ හමුදා ප්‍රධාන ඉංජිනේරු බලකාය උපරිම දායකත්වය ලබා දෙයි.

පස් අවරුදු සැලැස්මකට අනූව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන පන්දහසක්

ඒ අනූව 2017 වසරේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 24 ක් ප්‍රතිසංස්කරණය කොට මේ වනවිටත් ජනතා අයිතියට පවරා ඇති අතර ඒ අතරින් පිළිසකර කෙරුණු ප්‍රථම වැව වන ගන්තලාව වැව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරිණි.

තවත් වැව් නවයක් මේ වසරේ දැනටමත් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර වසර අවසානය වන විට සමස්ථ වැව් 25 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය

මීට අමතරව ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ද සිදුකෙරෙයි.

පාසල් ක්‍රීඩා පිටි, පන්සල් , මාර්ග,විවිධ පොදු ගොඩනැගිලි ,ගුරු නිවාස මෙන්ම ප්‍රදේශයේ අලි වැට පිළිසකර කිරීමද මෙම ව්‍යාපෘතියෙන් බල ගැන්වුනු තවත් අවස්ථා කිහිපයක් .

ගොවියාට මෙන්ම සියළු ජනතාවට සවියක් වෙමින් වැව් ප්‍රතිසංසකරණය සහ ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සහ ජනජීවිතය ඉහළ නැවීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව උපරිම දායකත්වය ලබාදෙනුයේ සංහිදියාවට නිවැරදි සාක්ෂි සපයමින්.

RSL

Related Posts