ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන එය උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට එය පත්කළ යුතු බවත්, රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ, පසුගියදා (09) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ කල්තැබීමේ විවාදයට …
Continue Reading
මේ රටේ සංස්කෘතිය සිංහලයින් මූලිකත්වයෙන් හැදුන සංස්කෘතියක්.. අරාබි සංස්කෘතියක් මෙහෙට අවශ්‍ය නැහැ
මේ රට සිංහල-බෞද්ධ සංස්කෘතියේ ආභාෂය ලබමින් ගොඩනැගුනු, පෝෂණය වුණු රටක් බවත්, මේ රටට අරාබිය හෝ වෙනත් පිටසක්වලක සංස්කෘතියක් අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ, ඊයේ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, …
Continue Reading
Exclusive: ගෝඨාභයට බැරි නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට; මෛත්‍රී-මහින්ද විශේෂ හමුවක්
අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ බව ජනාධිපතිවරයාට ඉතා සමීප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙකු විසින්ම තහවුරු කළ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම …
Continue Reading
ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙය සිව්වන සාකච්ඡා වටයටත් යන්න සූදානම් (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද තුන්වෙනි වරටද සාකච්ඡා වටය අද (10) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහචාර්ය ජී.ඇල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, ජගත් වැල්ලව යන මහත්වරුන් …
Continue Reading
දෙපැත්තේ අය මොන කතා කිව්වත්, ඇත්තටම තවමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය කොට නැහැ – තිලංග ඇත්තම සිද්ධිය කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය දේශපාලන වේදිකාව තුළ කවර ආකාරයේ ප්‍රකාශ සිදුකළද සත්‍ය වශයෙන්ම පක්ෂය දෙකම නියෝජනය කරමින් ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කොට නොමැති බව ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ …
Continue Reading
ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා තෙවන වටයටත් දින තීන්දුයි! කරුණු 20 කට එකඟයි!
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එකඟතාවකට පැමිණීමට හැකිව තිබේ. දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡා වට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ. මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැගීමට …
Continue Reading
ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පක්ෂයට දැවැන්තම හානිය සිදුවු යේ පසුගිය කාලයේ පොදු ජන පෙරමුණෙන් බව පැවසු ජයසේකර මහතා, දිනවීමේ කාර්ය මෙන්ම එයට හානි කිරීම ද මෙමඟින් සිදුවු බවයි. ජිනීවා …
Continue Reading
රාජපක්ෂලා සෙල්ලම් ගෙයක් හදාගෙන – නීතිඥ රජික කොඩිතුවක්කු
“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මිනිස්සු පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න තමයි වැඩ කරගෙන යන්නේ. පවුලේ අපි එක. පවුලේ අපි අතට තමයි සියලුම රාජ්‍ය බලය කේන්ද්‍රගත වෙන්න ඕන කියලා හිතලා කටයුතු කරනකොට තමයිමේ විදිහට අයියලා මල්ලිලා හතර පස්දෙනා එකතුවෙලා සෙල්ලම් ගෙදරක වගේ ඔයා ජනාධිපති, ඔයා අගමැති, ඔයා ආර්ථික කටයුතු ඇමති කියලා වෙන්කරගෙන රට පාලනය කරන්න උත්සාහ කරන්නේ. එතකොට අනික් සියලූම දෙනාම …
Continue Reading
කිසිලෙසකින්වත් මම යළි වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට වැඩ කරන්නේ නැහැ- විජිත් විජිතමුණි සොයිසා (වීඩියෝ)
දේශපාලන පක්ෂයක් ලෙස පැවසුවද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ තනි පවුලක් විසින් බවත්, තමා කිසිඳු ලෙසකින් එවැනි තනි පවුලක් අරක්ගත් පක්ෂයක වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට සේවය නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ මොණරාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. තමා මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව අසීමිතව උදව් කළ බවත්, එහෙත් එතුමාට …
Continue Reading
කොහොම කලත්, මොන තර්ක දැම්මත් පොහොට්ටුවට තනියම දිනන්න බැහැ
මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජය ගැනීමට නොහැකි බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මීලග ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රීලනිපය සතු ඡන්ද ලක්‍ෂ 14 අනිවාර්යෙන්ම අවශ්‍ය බවද ඔහු කියා සිටී. ශ‍්‍රීලනිපය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ස්ථිර වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවත් පවසන ඔහු එසේ කිරීමට තම පක්‍ෂයට අයිතියක් ඇතැයිද සදහන් …
Continue Reading