ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා තෙවන වටයටත් දින තීන්දුයි! කරුණු 20 කට එකඟයි!

Spread the love

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එකඟතාවකට පැමිණීමට හැකිව තිබේ.

දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡා වට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ.

මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව එකගතාවයන්ට පැමිණීම පිළිබඳව ඊයේ දිනයේ සාකච්ඡා වූ බවද ඔවුහු සඳහන් කළහ.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලූ පළාත් පාලන ආයතනවල දෙපාර්ශ්වය එක්ව වැඩකිරීමේ ක‍්‍රමවේදයක් ඇති කරගෙන ඒ තුළින් ජනතා විශ්වාසය ගොඩනැගීමට හැකි බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

දෙපාර්ශ්වය අතර ඊයේ (21) පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් මීළග සාකච්ඡාව එළඹෙන අපේ‍්‍රල් මස 10 වැනිදා පැවැත්වීමටත් තීරණය වූ බවත් එම නියෝජිතයෝ කීහ.

මෙම සාකච්ඡුාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ආචාර්ය ජගත් වැල්ලවත්ත, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල යන මහත්වරු එක් වූහ.

RSL

Related Posts